විශේෂාංග

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නොවන්නට, හෙද අධ්‍යාපනය අපට අහිමි බවට සැකයක් නැත – පුෂ්පා රම්‍යාණි සොයියා

හෙද සේවාවේ අරගල……….
හෙද සේවාවේ ආරම්භයේ සිටම අතිශය විශාල අර්බුධ වලට අපට මුහුණ පාන්න සිදුවූයේ හෙද අධයාපනය ආරම්භයේ සිටම පෞද්ගලිකකරණයට ලක්කිරීමට එකල රජය තීන්දු කල හෙයිනි.

සිසු හෙදියන් ලෙස හෙද අධ්‍යාපනය , අනිත් පැත්තෙන් පෞද්ගලිකකරණයට එරෙහි සටනද අප සියල්ලෝම දැඩි ලෙස පීඩාවට පත් කර තිබිණී. හෙද නේවාසිකාගාරයේ නොසිට නිවසේ සිට අප හෙද විදුහලට පැමිණීම එක්තරා ලෙසක රහසිගතව සටන් දියත් කිරීමට අපට හැකියාව ලැබිණ.

එබැවින් එ සදහා අරගලයක් කිරීමට අපට ශක්තියක් වූයේ රාජ්ය සේවා එක්සත් හෙද සංගමයයි. එහි සභාපති නායක ගරු මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්ස එම අරගලයේ නියමුවා නොවන්නට අදටත් හෙද අධ්‍යාපනය විකිණී ඇති බවට කිසිදු සැකයක් නැත. එනම් එකල රජය නිදහස් හෙද අධ්‍යාපනය පෞද්ගලීකරණය ආරම්භ කර තිබිණි.

හෙදියක් අධ්‍යාපනය කරන වසර තුන අන් කිසිදු වෘත්තියකට සම කල නොහැක. එනම් එම වසර තුන පුරාවටම ඇය හෙද අධයාපනය කරන අතරතුරම රෝහල් සේවාවේ රෝගී සත්කාරය සදහා නිරත විය යුතය.. මෙමගින් ඇති හැකි අය පමණක් හෙද සේවාවට යොමු කිරීම අසාධාරණය වන අතර මෙය රැකියාවට වඩා මානුශීය සේවාවක් බැවින් ආර්ථීකව ශක්තිමත් නොවුන අයටද මෙම වෘත්තිය නියැලීමට අවකාශය තිබිය යුතුය. එබැවින් පෞද්ගලිකකරණයට එරෙහි සටන් කිරීම හැර අපට වෙන ඉලක්කයක් නොතිබිණි.

මෙම සටනේ නියමුවාවූ පුජ්ය. මුරුත්තෙට්ටුවේ නායක ස්වාමීන් වහන්ස පිළිබද යමක් කිව යුතුමය. 1966 වසර වන විට ශ්‍රී ලාංකීය හෙද සේවාව අතිශය දුෂ්කර සේවාවක්ව පැවතුනි. එකල හෙද වෘත්තීය සදහා හෙද සංගම් පහක් පැවතිණී. නමුත් ඒවා ඉතාමත් නිශ්ක්‍රිය තත්ත්වයේ පැවතුන බව පැවසේ. මෙකලදී උන්වහන්ස රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වී ඇත. උන්වහන්සේ රෝහල තුළ ප්‍රතිකාර ලබා ගන්නවාට අමතරව හෙදියන්ගේ සේවා පිළිබදව නිරීක්ෂණය කර ඇත. එවන් කථා බහක සිටි හෙද නිළධාරින් තම සේවා දුෂ්කරතා පිළිබද පූජ්යම මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්ස දැණුවත් කර ඇත. එතැන් සිට නායක ස්වාමීන් වහන්ස හෙද සේවාවේ ගැටලු වලට ඝෘජුව මැදිහත් වී ක්‍රියා කිරීම ආරම්භ කර ඇත්තේ හෙදියන්ගේ අහක දැමිය නොහැකි දැඩි ඉල්ලීමකට අනුවය..

එබැවින් මෙම අරගලයන් ගෙනයාම සදහා නව සංගමයක් ඇති කර ඇති අතර එය ‘පොදු හෙද සේවා සංගමය’ නමින් නම් කෙරිණී. පසුව එය ‘රාජ්ය සේවා එක්සත් හෙද සංගමය’ නමින් අද වෙනස් වී ඇත..

එකල වහල් සේවාවත් බවට පත්වී තිබුණ හෙද සේවාව දැඩි ලෙස ප්‍රශ්න වලින් මිරිකී පැවති බව සදහන් වේ.
එනම් හෙදිය මසකදී දින 14 ක රාතී සේවාවක් සිදු කල යුතුය. එලෙසම උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වාද ,රාත්‍රී 7 සිට උදෑසන 7 දක්වා පැය 12 ක සේවා මුර සිදුකල ඇය තම පවුල් දිවියේ දරුවන් බිහිකලද මේ සේවා මුර අනුව ඔවුන් රැක බලා ගැනීමට ඇයට කොහෙත්ම අවකාශ නොතිබිණි.

හෙදියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට වඩා සාකච්ජා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදීමට උන්වහන්සේ බොහෝ උත්සුක වූ බව පෙනේ. නමුත් කථිකා අසාර්ථක වූ කල සටනට අවතීර්ණ වීමට හැර වෙනත් කිසිදු විකල්පයත් නොමැති අවස්ථා තිබූ බව පැවසේ. එබැවින් හෙද සේවාව වහල් සේවාවෙන් ගලවා ගැනීමට කල අරගලය හදුන්වා තිබුණේ ‘අකණ්ඩ සේවා සටන’ නොහොත් ‘නිවහල් සේවා සටන’ යන්නයි.

එය දැවැන්ත සටනක් වූ බව පැවසේ.
පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආගමනය පාලක පක්ෂ මෙන්ම සෞඛ්‍ය බලධාරින් අනුගමණය කල ද්‍රෝහී කුසීත අමන ප්‍රතිපත්ති සුනු විසුනු කර දැමීමට සමත් විය.පැය 24 ම රෝගීන් වෙනුවෙන් 100% ක්ම වගකීම දරණ හෙද සේවාවේ වැරදිම දකින පාලකයෝද නිරතුරුවම දඩුවම් දීමට යුසුසුලු වූයේද හෙදියන්ටය. අන් කව්රු සිටියත් නැතත්, වැඩ කලත්, නොකලත් ඔවුන්ට නොදකින පාලකයෝ හෙද සේවාව මට්ටු කිරීම දිගින් දිගටම සිදු කෙරිණ. මේ සදහා ස්ථීර විසදුමක් සදහා මෙම ශක්තිය වටා ඒකරාශී වූයේ හෙදියන් පමණක් නොව සමස්ථ සංඝරත්නයේ ආශීර්වාදයද හෙදියන්ට ලැබීම මෙම සටනේ සාර්ථකත්වයට පාදක වී තිබුණි.

සේවා මුර ගැටලුවේදී සාම සාකච්ජා බිද වැටුන හෙයින් උන්වහන්සේ රෝගීින්හට කිසිදු පීඩාවක් ඇති නොවන පරිදි වෙනස්ම වූ සටනක් දියත කලහ. හෙදියන්ගේ දීර්ඝ සේවා මුර වෙනස් නොකළ හෙයින් සංගමය විසින් අපූරු සැළැස්මක් දියත් කලහ. එනම් සියලුම හෙදියන් බලහත්කාරයෙන් සේවා මුර වෙනස්කර සේවයෙහි පිහිටුවීමය. මෙම තීරණය අතිශය තීරණාත්මක වූ අතර එහිදී හෙදියන් දිවියද නොතකා මෙම තීන්දු එකාවන්ව ඉටු කිරීමට ඒකරාශී විය.එකල හෙදියන්ගේ ඒකායන එකමුතුකම එය අති සාර්ථක කර ගැනීමට පාදක විය. මෙම අවස්ථාවේදී පාලක පක්ෂය කොපමණ තර්ජන බලපෑම සිදු කලද එය සතේකට මායිම් නොකල හෙදියන් අතර රජයද පාලකයෝද මෙම පියවරයන්හිදී ඉතිහාසයේ කිසිම දිනක නොමැති බිද වැටීමකට ලක්වූ බව කිව යුතුමය

මෙම සටනේදී මෙම දුෂ්කර කාළය නිමා වූ අතර එහි ජයග්‍රහණය කල දිනය 1977 ජූලි 1 වනදා ලෙස සටහන් වේ. නායක ස්වාමීන් වහන්ස මෙම වරප්‍රසාද හෙදියන් වෙත ලබා දුන්නේ රිදී බන්දේසියක තබා නොව. උන්වහන්සේට පාලක පක්ෂයෙන් දරුණු ප්රිතිප්රනහාර එල්ල කලත් හෙදියන් විසින් බලහත්කාරයෙන් පිහිටවූ සේවා මුර කාලයා ඇවෑමෙන් ස්ථාවර කිරීමට සිදුවිය. එයින් පාලක පක්ෂය දරුණු පරාජයකට ලක් වූ බව ඉතිහාසයේ සදහන් වන අතර එම සටන හේතුවෙන් අද වන විට හෙද සේවාවේ සේවා කාළය සහනදායි ලෙස වෙනස්ව ඇත.

හෙද පුහුණු කිරීමේ නිලධාරිණියක වන පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය තැබූ සටහනකි.

Recent Posts

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

14 hours ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

15 hours ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

16 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

16 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

1 day ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

1 day ago