විශේෂාංග

“ලංකාව චිලියක් කරමුුු” – අයිවන් මේ කියන්නේ මොකක්ද ?

ආණ්ඩුව ඔවුන්ගේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුලා ගත්තත් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සදහා අප නගන හඬ අප අත නෑරිය යුතුයි. චිලී රටෙන් ලංකාවේ අපට උගත හැකි හා අපේ ආස්වාදයට හේතුවන දෙයක් දැන් සිදුවෙමින් තිබෙනවා. ඒ රටේ තිබෙන්නෙත් අපේ වගේ 1980 ඒකාධිපති ෆිනොචෙගේ පාලන කාලයේ හදාගත්ත 15 වතාවක් සංශෝධනය කරපු අවලස්සන ව්‍යවස්ථාවක්.

2019 ඔක්තෝබර් 25 වනදා නව මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල සන්ධානයක කැදවීමක් අනුව මිනිස්සු මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එදින සන්තියාගෝ නගරයට එකතු වුන මහජනයාගේ සංඛ්‍යාව ලක්ෂ 12 ක් ලෙස වාර්තා වුනා. එතැන් සිට එය මහ පාරේ කෙරෙන උද්ඝෝෂණ වැඩ සටහනක් බවට පත්වුනා. ප්‍රශ්නෙ දුර දිග යාම වළකා ගැනිම සදහා ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනයකට අවසානයේ එකඟ වුනා. ව්‍යවස්ථා සම්පාදනයට අදාල මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම සදහා ජනමත විචාරණයක් පවත්වන ලෙස එවිට මහජනයා ඉල්ලා සිටියා.

ආණ්ඩුවේ කැමැත්ත වුනේ ව්‍යවස්ථා සංශෝධනයකට හා එම කාර්‍යය පාරිලිමේන්තු මන්ත්‍රී වරුන් ප්‍රධාන කොටගෙන කැඳවන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයි. එහෙත් 2020 ඔක්තෝබර් වලදී ඒ සදහා පැවති ජනමත විචාරණයෙන් සීයට 78 ක් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අනුමැතිය දුන්නා. තවත් සීයට 79 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැති මහජන නියෝජිතයින්ගෙන් පමණක් සමන් විය යුතු ව්‍යවස්ථා සභාවකින් එය සිදුවිය යුතු බවට ඡන්දය දී තිබුණා. ඒ නිසා ව්‍යවස්ථා සභාවට මහජන නියෝජිතයන් තෝරන ජන්දයක් 2021 මැයි 15, 16 දින දෙකේ පැවැත්වුනා. තේරී පත්වු නියෝජිතයන්ගෙන් සීයට 62ක් ස්වාධීන පුද්ගලයින්. තෙරී පත්වූ නියෝජිතයින්ගෙන් සීයට 49.50 ක් කාන්තාවන්.
ව්‍යවස්ථා සම්පාදනයකට 50% ක් කාන්තාවන් සහභාගීවන ලොව පළමු ව්‍යවස්ථා සම්පාදනය ලෙස සැලකිය හැක්කේ එයයි. ලංකාව තෝරා ගත යුත්තෙත් එම මාර්ගය නොවේද?

  • ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

22 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago