විශේෂාංග

“ලංකාව චිලියක් කරමුුු” – අයිවන් මේ කියන්නේ මොකක්ද ?

ආණ්ඩුව ඔවුන්ගේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුලා ගත්තත් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සදහා අප නගන හඬ අප අත නෑරිය යුතුයි. චිලී රටෙන් ලංකාවේ අපට උගත හැකි හා අපේ ආස්වාදයට හේතුවන දෙයක් දැන් සිදුවෙමින් තිබෙනවා. ඒ රටේ තිබෙන්නෙත් අපේ වගේ 1980 ඒකාධිපති ෆිනොචෙගේ පාලන කාලයේ හදාගත්ත 15 වතාවක් සංශෝධනය කරපු අවලස්සන ව්‍යවස්ථාවක්.

2019 ඔක්තෝබර් 25 වනදා නව මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල සන්ධානයක කැදවීමක් අනුව මිනිස්සු මහජන ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එදින සන්තියාගෝ නගරයට එකතු වුන මහජනයාගේ සංඛ්‍යාව ලක්ෂ 12 ක් ලෙස වාර්තා වුනා. එතැන් සිට එය මහ පාරේ කෙරෙන උද්ඝෝෂණ වැඩ සටහනක් බවට පත්වුනා. ප්‍රශ්නෙ දුර දිග යාම වළකා ගැනිම සදහා ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදනයකට අවසානයේ එකඟ වුනා. ව්‍යවස්ථා සම්පාදනයට අදාල මූලික ප්‍රශ්න දෙක විසඳා ගැනීම සදහා ජනමත විචාරණයක් පවත්වන ලෙස එවිට මහජනයා ඉල්ලා සිටියා.

ආණ්ඩුවේ කැමැත්ත වුනේ ව්‍යවස්ථා සංශෝධනයකට හා එම කාර්‍යය පාරිලිමේන්තු මන්ත්‍රී වරුන් ප්‍රධාන කොටගෙන කැඳවන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයි. එහෙත් 2020 ඔක්තෝබර් වලදී ඒ සදහා පැවති ජනමත විචාරණයෙන් සීයට 78 ක් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අනුමැතිය දුන්නා. තවත් සීයට 79 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැති මහජන නියෝජිතයින්ගෙන් පමණක් සමන් විය යුතු ව්‍යවස්ථා සභාවකින් එය සිදුවිය යුතු බවට ඡන්දය දී තිබුණා. ඒ නිසා ව්‍යවස්ථා සභාවට මහජන නියෝජිතයන් තෝරන ජන්දයක් 2021 මැයි 15, 16 දින දෙකේ පැවැත්වුනා. තේරී පත්වු නියෝජිතයන්ගෙන් සීයට 62ක් ස්වාධීන පුද්ගලයින්. තෙරී පත්වූ නියෝජිතයින්ගෙන් සීයට 49.50 ක් කාන්තාවන්.
ව්‍යවස්ථා සම්පාදනයකට 50% ක් කාන්තාවන් සහභාගීවන ලොව පළමු ව්‍යවස්ථා සම්පාදනය ලෙස සැලකිය හැක්කේ එයයි. ලංකාව තෝරා ගත යුත්තෙත් එම මාර්ගය නොවේද?

  • ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago