දේශීය

ජගත් සංවිධානය සෑම විට ම ශ්‍රී ලංකාව සමඟයි …

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිට ම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැඟීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී කලීඩ් කියාරි මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපතිතුමා සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මහතා මෙරටට පැමිණ සිටියි. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පළ කළ කලීඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
ජනාධිපතිතුමා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව පිළිබඳ සතුට පළ කළ සහකාර මහ ලේකම්වරයා සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළේය.
නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණයට හා පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ මඟින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබී ය.
කොවිඩ් – 19 වසංගතය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.
2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදුකළ සංවර්ධන වැඩපිළිවෙළ මඟින් එම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් සිදු ව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමඟ වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපතිතුමා සිහිපත් කළේය. ඒ පිළිබඳ සුබවාදීව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.
ජාතීන් අතර සමගිය සහ සබඳතා පිළිබඳ දෙපාර්ශ්වය ම අදහස් හුවමාරු කර ගැනිණ. සියලු ම ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. අධිකරණ අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවත්, නීතිපතිවරයා දෙමළ ජාතිකයෙකු බවත් වෙනත් විශේෂ තනතුරු දරන බොහෝ දෙනෙකු අනෙකුත් ජාතීන් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජාතීන් අතර සමගිය ගොඩනැඟීමේදී රජය විශාල වැඩ කොටසක් සිදු කරන බැවින් ඒ කෙරෙහි කිසිදු සැකයක් තබා නො ගත යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.
ජාතීන් අතර සමගියට අධ්‍යාපනය මූලික වන බව දෙපාර්ශ්වයේ ම අදහස විය.
දකුණු අප්‍රිකාව වර්ගවාදය තුරන් කොට ඉදිරියට යෑමට අනුගමනය කළ ක්‍රියාදාමය අධ්‍යයනය කොට ඒ පිළිබඳ උගත හැකි පාඩම් තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි (Hanaa Singer – Hamdy), එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාම සාධක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරී චියාකි ඕටා (Chiaki Ota), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්මමහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

12 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago