ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව සිදු වූ දේශපාලන නැගිටීමක් හා රාජ්‍ය ධනවාදයට එරෙහිව සංවිධානය වූ තරුණ නැගිටීම වන 71 කැරැල්ලට අදට (05) වසර 50ක් සපිරේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ නායකත්වයෙන් එම පක්ෂයේ තරුණ නායකත්ව මණ්ඩලය පුරෝගාමීත්වයේ මූලිකත්වයෙන් ව්‍යාප්ත වුණ මෙම තරුණ නැගිටීම එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප්‍රධානකොට ගත් රජය විසින් හමුදා යොදවා මර්දනය කරනු ලැබිණි.
අසාර්ථක අවි ගත් විප්ලවය ලෙස හැඳින්වෙන මෙම අප්‍රේල් කැරැල්ල ඇරඹුණු දිනය හේතුවෙන් එය වාර්ෂිකව සැමරීමට අප්‍රේල් 05 වැනිදා යොදා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරයි.
රටේ විවිධ ස්ථාන තරුණ විප්ලවකරුවන් විසින් එවකට අල්ලාගනු ලැබූ අතර පාර්ලිමේන්තුවට බෝම ප්‍රහාර එල්ල කිරීමට පවාඅ උද්යෝගයෙන් මෙම තරුණ කැරලිකරුවෝ කටයුතු කර තිබිණි. එම සිදුවීමට සම්බන්ධ වූ එවකට තරුණ කැරලිකරුවන්ගෙන් ඇතැමෙකු පමණක් අද වන විට ජීවත් වෙන අතර. මෙම තරුණ නැගිටීම මර්දනය කිරීමේදී රටේ බොහෝ තරුණ තරුණියන් රාජ්‍ය හමුදා අතින් ඝාතනයට ලක් කෙරිණි.
ජීවත්ව සිටින්නන්ගෙන් ඇතැමෙක් අද වන විට මාධ්‍යවේදීන්, පූර්ණකලීන දේශපාලන, ව්‍යපාරිකයින් හැටියට කටයුතු කරති.
71 කැරැල්ලට වසර 50යි
නවතම වීඩියෝ
-
උපාලි ධර්මදාසට අවසන් ගෞරව දක්වන්න අර්ජුන රණතුංගත් එයි !!
-
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගෙ භංග වෙලාම ගිය හැටි ඇමති උපාලි කියයි !!
-
ස්තූතියි ඇමතිතුමා - ඔයා මාර චරිතයක් !! වීඩියෝ එකක් දැක්කොත් ක්ෂණික ප්‍රතිචාර
-
ජනපතිවරණෙටත් කළින්, අගමැතිණි එදා විශ්වාසෙන් කියූ දේ.. මං විශ්වාසකරන දේට පටහැනි දේවල් වෙනව නම්..,


