එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිට ම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැඟීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී කලීඩ් කියාරි මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපතිතුමා සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මහතා මෙරටට පැමිණ සිටියි. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පළ කළ කලීඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
ජනාධිපතිතුමා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව පිළිබඳ සතුට පළ කළ සහකාර මහ ලේකම්වරයා සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළේය.
නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණයට හා පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ මඟින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබී ය.
කොවිඩ් – 19 වසංගතය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.
2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදුකළ සංවර්ධන වැඩපිළිවෙළ මඟින් එම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් සිදු ව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමඟ වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපතිතුමා සිහිපත් කළේය. ඒ පිළිබඳ සුබවාදීව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.
ජාතීන් අතර සමගිය සහ සබඳතා පිළිබඳ දෙපාර්ශ්වය ම අදහස් හුවමාරු කර ගැනිණ. සියලු ම ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. අධිකරණ අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවත්, නීතිපතිවරයා දෙමළ ජාතිකයෙකු බවත් වෙනත් විශේෂ තනතුරු දරන බොහෝ දෙනෙකු අනෙකුත් ජාතීන් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජාතීන් අතර සමගිය ගොඩනැඟීමේදී රජය විශාල වැඩ කොටසක් සිදු කරන බැවින් ඒ කෙරෙහි කිසිදු සැකයක් තබා නො ගත යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.
ජාතීන් අතර සමගියට අධ්‍යාපනය මූලික වන බව දෙපාර්ශ්වයේ ම අදහස විය.
දකුණු අප්‍රිකාව වර්ගවාදය තුරන් කොට ඉදිරියට යෑමට අනුගමනය කළ ක්‍රියාදාමය අධ්‍යයනය කොට ඒ පිළිබඳ උගත හැකි පාඩම් තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි (Hanaa Singer – Hamdy), එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාම සාධක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරී චියාකි ඕටා (Chiaki Ota), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්මමහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.
ජගත් සංවිධානය සෑම විට ම ශ්‍රී ලංකාව සමඟයි …
නවතම වීඩියෝ
-
🔴 අපේ ටාගට් එක මිලියන 3ක්.අපි පටන් ගත්තා විතරයි.මේ දවස්වල කලබලයට හේතුවත් අගමැතිණිය කියයි.
-
තැපැල් ඡන්ද දින වෙනස් වෙයි.විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මෙන්න මැතිවරණ කොමිසම කිව්ව දේ.
-
පානදුරේ මුහුදේ නාන්න ඇවිත් දෙදෙනෙකුට දිවි අහිමිවු ඛේදවාචකය.
-
ශානිල හිරේ තියා සැලසුම්! අන්ධවූ ඛේදාන්තය|දුෂිතයෙක් දූෂිතයෙක්ට දඬුවම් දෙන්නෑ! එදා මන්ත්‍රී ලෙස කළ කතව