වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය දෙපාර්තමේන්තු හා ගමනාගමන මණ්ඩල සේවා ඇතුළු භාණ්ඩ හා මගී ප්‍රවාහන, ශ්‍රී ලංකා මහ බැංකුව, රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඉකුත් 29 දා රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සඳහන් කර තිබේ.
ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ රාජ්‍ය බැංකුවකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් පූර් වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට මේ මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…