Sunday, April 19, 2026
Homeදේශීයවරාය ,ඉන්ධන, තැපැල්, ශ්‍රී ලංගම, මහ බැංකුව, රජයේ බැංකු, දුම්රිය, අත්‍යවශ්‍ය සේවා...

වරාය ,ඉන්ධන, තැපැල්, ශ්‍රී ලංගම, මහ බැංකුව, රජයේ බැංකු, දුම්රිය, අත්‍යවශ්‍ය සේවා කරයි

වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය දෙපාර්තමේන්තු හා ගමනාගමන මණ්ඩල සේවා ඇතුළු භාණ්ඩ හා මගී ප්‍රවාහන, ශ්‍රී ලංකා මහ බැංකුව, රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඉකුත් 29 දා රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සඳහන් කර තිබේ.

ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ රාජ්‍ය බැංකුවකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් පූර් වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට මේ මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

READ:   චීනය, ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයේ ආර්ථිකයක් කරා ලඟා වීම ශ්‍රී ලංකාවේ ද අරමුණයි - ජනපති
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්