Thursday, April 23, 2026
HomeදේශීයA-30 ප්‍රභේදය භයානකයි

A-30 ප්‍රභේදය භයානකයි

ෆයිසර්-ඇස්ට්‍රාසෙනෙකාවලට ඔරොත්තු දෙන්නේ නෑ

කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා.

මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් අමතක කරමින් ජනතාව හැසිරුණොත් එහි අනිසි ප්‍රතිඵල ඉදිරි සති හතරක පමණ කාලයක් තුළදී දැක ගත හැකි වෙතැයි ද ඇමැතිවරයා පවසනවා.

ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන ස්ථාන වෙතොත් එම ස්ථානයන්හිදී අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට පියවර ගත යුතු බවත් එසේ වුවහොත් කුමන ප්‍රභේදයක් පැමිණියත් ජනතාවට ආරක්ෂා විය හැකි බවත් ඇමැතිවරයා කියන්නේ.

දිනමිණ

READ:   ජංගම දුරකථන මිල පහළ දැමීමට තීරණය කරයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්