දේශීය

මේක ‘හරක් ආණ්ඩුවක්’- රජිත් කීර්ති තෙන්නකෝන්

කෘෂි ඉතිහාසයේ ලොකුම මිනිස්සු හදාගත් ව්‍යසනය විදිහට ලංකාවේ කාබනික නාඩගම ඉතිහාසගත වේවි


කිසිම වල් නාශකයක් නැතිව, කෘමි නාශක – දිලීර නාශක විතරක් ගෙන්න ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. 

කාබනික නාඩගමේ ඔස්තාර් ලා හිතාගෙන ඉන්නේ කෘමිනාශක – දිලීර නාශකවලට වැඩිය වල්නාශක ‘විෂයි’ කියලයි.

වෙච්ච වරද නිවැරදි කරනකොට නැට්ටේ ඉදන් ගොම ගාන්න හරක් වගේ හැසිරෙන්න හොඳ නෑ.   මේ ආණ්ඩුව කිසිම විශේෂඥ මතයකට ඇහුම්කන් දෙන්නේ නෑ.  ගොවියාට වඩා තණ කොළ කන හරක් එළුවෝ කුකුලන්ගේ සෞඛ්‍ය ගැන හිතන රටක් බව ලංකාව පත් වෙලා තියෙනවා

ලංකාවේ කාෂිකර්ම ව්‍යසනය ස්වභාවික ආපදාවක් නෙවෙයි. අමන තකතීරු පාලකයින් විසින් ඇතිකරගත් ව්‍යසනයක්. අනාගතයේ දවසක ලෝක ආහාර වැඩසටහන, ලෝක කෘෂිකර්ම සංවිධානය වගේ ජාත්‍යන්තර සංවිධාන ‘ඊනියා විශේඥයින්ගේ උද්දච්චකම නිසා විහින් කෘෂිකර්ම විනාශ කර ගත්ත රටක්’ ලෙස ලංකාව ගැන සදහන් කරයි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

මහ වැස්ස නිසා උඩරට එළවළු වගාව විනාශ වෙනවා.  උඩරට තේ වගාවට දිලීර රෝග හැදිලා කුඩා තේ වතු විනාශයි.  මහ වතු සමාගම්වලට දිලීර නාශක විතරක් නෙවෙයි, වල් නාශකත් තියෙනවා. කුඩා තේ වතු හිමියෝ, පොඩි වගාකරුවන්නට පොහොර බෙහෙත් මොකවත් නෑ. මේක ධපතියාට සලකන, දුප්පතා කාබාසිනියා කරන ප්‍රතිපත්තියක්. විනාශය කරා රට ගෙනියන මාවතක්.

පොහොර තහනමට වැඩි විනාශයක් බෙහෙත් පළිබෝධ නාශක  තහනම නිසා වගාවට සිදු වෙනවා. ආණ්ඩුව ඉන්නේ අමු මිත්‍යාවන් එක්කයි. 

පලිබෝධ නාශකවලින් අඩුම විෂ තියෙන්නේ වල්නාශකවල.  එවා ගහන්නේ තේ වගාවේ, බඩ ඉරිඟු වගාවේ වල්වලට මිසක් ගහට නෙවෙයි. දැන් කාබනික වගාව ඉවරයි. හෙට කැබිනට් මණ්ඩලය පලිබෝධ නාශක කිහිපයක් ගෙන්නන්න අනුමැතිය දෙනවා.  හැබැයි හැම වගාවකටම, කර්මාන්තයකට අවශ්‍ය වන වල් නාශක තහනම් කරලා.

මේක ගොවියොන්ට වඩා හරකුන්ට ආදරේ ‘හරක් ආණ්ඩුවක්’.  මේකේ තියෙන්නේ මිනිස් ප්‍රේමයක් නෙවෙයි හරක් ප්‍රේමයක්.  ආණ්ඩුව හරකුන්ට, කුකුලොන්නට කොච්චර ආදරේ ද කිව්වොත් උන්ට හදන බඩඉරිඟු ගහ අහලකටවත් වස විස වදින්න ඉඩක් නැති කරනවා. කෘමි නාශක අනුමත කරලා, වල් නාශක තහනම් කරන මැටි මෝල් ප්‍රතිපත්ති හදපු නිලධාරීන්ට අං තට්ටුවක් පලන්දන්න ඔ්න.

රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණු පලාත් හිටපු ආණ්ඩුකා

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

11 hours ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

16 hours ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

2 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

3 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

3 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

3 days ago