අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 ක්, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 ක්, රට ළූණු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු ළූණු කිලෝවක් රුපියල් 400 ක් දක්වා මිල ඉහළ ගොස් තිබුණි.
සිල්ලර වෙළඳුන් පවසන්නේ තොග මිල වැඩි වීම හේතුවෙන් පිරිප්පු, සීනි, අල, ළූණු සහ හාල්මැස්සන් කරවල ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදු වූ බව ය.
සතොස කිලෝවක් රුපියල් 115 කට අළෙවි කළ රතු සීනි කිලෝවක් අද (26) රුපියල් 120 කට අලෙවි කළ අතර සතොස රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 250 දක්වා ඉහළ දමා තිබුණි.
සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෙඳපොළට වඩා අඩු මිලට ලබා දීමට බලාපොරොත්තු වන බවත් ය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…