Wednesday, September 16, 2026
Homeව්‍යාපාරිකඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 ක්, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 ක්, රට ළූණු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු ළූණු කිලෝවක් රුපියල් 400 ක් දක්වා මිල ඉහළ ගොස් තිබුණි.

සිල්ලර වෙළඳුන් පවසන්නේ තොග මිල වැඩි වීම හේතුවෙන් පිරිප්පු, සීනි, අල, ළූණු සහ හාල්මැස්සන් කරවල ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදු වූ බව ය.

සතොස කිලෝවක් රුපියල් 115 කට අළෙවි කළ රතු සීනි කිලෝවක් අද (26) රුපියල් 120 කට අලෙවි කළ අතර සතොස රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 250 දක්වා ඉහළ දමා තිබුණි.

සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෙඳපොළට වඩා අඩු මිලට ලබා දීමට බලාපොරොත්තු වන බවත් ය.

READ:   තිරසාර කෘෂිකාර්මික අනාගතයක් සඳහා ගොවියාගේ හිත මිතුරා Lankem Agro විසින් පරිසර හිතකාමී පොහොර විසඳුම් ලබා දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්