දේශීය

හම්බෙගමුවේදී ත්‍රිරෝද අනතුරකින් දෙදෙනෙකු මරුට

හම්බෙගමුව, මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකි.

ඊයේ වේලිඔය – තණමල්විල මාර්ගයේ, මයිලවල ප්‍රදේශයේදී වේලිඔය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරාට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ ළමුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හම්බෙගමුව රෝහලට ඇතුළත් කර ඇත.

පසුව ළමුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදි ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 hour ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago