ක්‍රීඩකයින් 18 දෙනෙකු මාස 5ක කාලයක් සඳහා ජාතික ක්‍රීඩක ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ, අගෝස්තු මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා එම ගිවිසුම ක්‍රියාත්මක වන බවයි.
තාක්ෂණික උපදේශක කමිටුව සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කළ ගිවිසුමට කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයින් තෝරාගත් බව අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීමට කාර්ය සාධනය, යෝග්‍යතාවය, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය, වැනි සාධක සලකා බැලූ බවයි.
මේ අතර ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම මේ වන විට තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් මෙම ගිවිසුම්ගත ක්‍රීඩකයින් 18ට ඇතුළත්ව නොමැත.
ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය තමන් සමග ගිවිසුම්ගත වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…