කොවිඩ් මර්දන ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාවෙන්ම වයිරසය මර්දන ඉහළ ප්‍රතිශක්තියක් පුද්ගලයාගේ සිරුර තුළ නිර්මාණය වී ඇති බවට කළ පර්යේෂණයන්ගෙන් තහවුරුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ‘දිනමිණ‘ට ඊයේ (18) ප්‍රකාශ කළේය.
රුසියාවේ නිෂ්පාදිත මේ එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන් 327කගේ නියැදි සාම්පල ආශ්‍රයෙන් අදාළ පර්යේෂණය කළ බවත් ඔවුන්ගේ සිරුරු තුළ කොවිඩ්වලට එරෙහි සියයට 88.7ක ප්‍රතිශක්තිය නිපදවා ඇති බවට තහවුරු වූ බවත් ඒ මහතා පැවසුවේය.
වයස අවුරදු 60 ඉක්ම වූ පිරිසගේ එම ප්‍රතිශක්ති ප්‍රතිශතය සියයට 82.6ක් බවට තහවුරු වූයේ යැයිද හෙතෙම පැවසීය.
ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාව ගෙන සති හතරක් ගත වූ පසු මේ ප්‍රතිශක්තිය සිරුරු තුළ නිපදවා ඇති බවද ඒ මහතා පැවසුවේය.
ස්පුට්නික් V එන්නතේ දෙවැනි මාත්‍රාවද දීම සිදු කළහොත් පුද්ගලයන්ගේ සිරුරු තුළ කොවිඩ් මර්දන ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැඟෙන බවත් ලෝකයේ ඇතැම් රටවල් මේ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ගන්නා අතර, එය ස්පුට්නික් ලයිට් ලෙස හඳුන්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ පර්යේෂණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වන මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ්, මහාචාර්ය ග්‍රැහැම් ඕග් මහත්ම මහත්මීන්ද සම්බන්ධව ඇත.
උපුටා ගැනීම දිනමිණ
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…