දේශීය

රාජ්‍ය ආයතන 64ක අධීක්ෂණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂට

නාමල් රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64ක අධීක්ෂණ කටයුතු පවරා තිබෙනවා.

රජය විසින් කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීමේ හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ නව අමාත්‍යංශය ස්ථාපිත කර තිබෙන බවයි දිවයින පුවත් පත වාර්තා කර තිබෙන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ජනාධිපති කාර්ය සාධක බළකා ගණනාවක්, භාණ්ඩාගාරය, විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කීපයක්, දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු, ජාතික ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය රක්ෂණ හා ආශ්‍රිත ආයතන ඇතුළු දෙපාර්තමේන්තු කොමිෂන් සභා සහ කාර්යාංශ කීපයක්, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය ඇතුළු ආයතන හා සංස්ථා කීපයක්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු ආයතන 64ක් අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතාට පවරා ඇත.

දිවයින

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago