දේශීය

රාජ්‍ය ආයතන 64ක අධීක්ෂණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂට

නාමල් රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64ක අධීක්ෂණ කටයුතු පවරා තිබෙනවා.

රජය විසින් කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීමේ හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ නව අමාත්‍යංශය ස්ථාපිත කර තිබෙන බවයි දිවයින පුවත් පත වාර්තා කර තිබෙන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ජනාධිපති කාර්ය සාධක බළකා ගණනාවක්, භාණ්ඩාගාරය, විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කීපයක්, දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු, ජාතික ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය රක්ෂණ හා ආශ්‍රිත ආයතන ඇතුළු දෙපාර්තමේන්තු කොමිෂන් සභා සහ කාර්යාංශ කීපයක්, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය ඇතුළු ආයතන හා සංස්ථා කීපයක්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු ආයතන 64ක් අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ මහතාට පවරා ඇත.

දිවයින

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

20 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

4 days ago