Saturday, July 25, 2026
Homeදේශීයපළාත් සංචරණ සීමා දින 14කින් දිගු කරයි

පළාත් සංචරණ සීමා දින 14කින් දිගු කරයි

දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා අද (05) සිට තවත් දින 14කට බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ආසන ධාරිතාවෙන් මගීන් සියයට 30කට ගමන් කළ හැකි පරිදි බස්නාහිර පළාත තුළත් මගී සංඛ්‍යාව බස් ධාරිතාවෙන් සියයට 50ක් ගමන් කළ හැකි පරිදි අනෙක් පළාත් තුළත් පොදු ප්‍රවාහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
ආසන ධාරිතාවයට පමණක් පුද්ගලික/කුළී රථ සහ ටැක්සි රථවල ගමන් ගත හැකි මගී සංඛ්‍යාව සීමා කර තිබෙන අතර 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය කළ හැකි බවත් අවමංගල්‍ය අවස්ථාවකදී දේහය මුදා හැර පැය 24ක් ඇතුළත පුද්ගලයින් 15කගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ පද්ධතියෙන් ප්‍රකාශ කර ඇත.

READ:   Mojo Lanka උළෙලෙ වෘත්තීය ජනමාධ්‍යවේදී අංශයේ විශිෂ්ටතම නිර්මාණය සඳහා වූ ජයග්‍රාහණය අම්බලන්ගොඩ තරුණයෙක්ට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්