දේශීය

පිරිවෙන් 300ක් තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීමේ ලයිස්තුවට

මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනයද ඇතුළත් කර, පිරිවෙන් 300කට ටැබ් පරිගණක 10 බැගින් ලබා දෙන බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සාර්ථකව පවත්වාගෙන යාමේ අරමුණින් අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් සැලසීම විධිමත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළ බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසීය.
කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමග පාසල් අධ්‍යාපනය මෙන්ම පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික අවස්ථා සුරක්ෂිත කිරීමේ අභියෝගය ජයගැනීම ප්‍රමුඛතම
අවශ්‍යතාවක් වී තිබෙන බවද ඇමතිවරයා එහිදී අවධාරණය කළ බව එම මාධ්‍ය ඒකකය පවසයි.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago