මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනයද ඇතුළත් කර, පිරිවෙන් 300කට ටැබ් පරිගණක 10 බැගින් ලබා දෙන බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සාර්ථකව පවත්වාගෙන යාමේ අරමුණින් අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් සැලසීම විධිමත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළ බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසීය.
කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමග පාසල් අධ්‍යාපනය මෙන්ම පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික අවස්ථා සුරක්ෂිත කිරීමේ අභියෝගය ජයගැනීම ප්‍රමුඛතම
අවශ්‍යතාවක් වී තිබෙන බවද ඇමතිවරයා එහිදී අවධාරණය කළ බව එම මාධ්‍ය ඒකකය පවසයි.
පිරිවෙන් 300ක් තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීමේ ලයිස්තුවට
නවතම වීඩියෝ
-
🔴රටක් කම්පා කළ මල්කැකුළු දෙකකට එල්ලකළ අත්බෝම්බය ඇදේ.මේක අපහාසයක්!!-ප්රියංකරගෙන් ජනපතිටසැරප්රකාශයක්
-
එයාල අනුරපුරේ යද්දී ජනාධිපතිතුමා පොලොන්නරු යන්නේ ඒකද??-අද අනුරපුරේටයි පොළොන්නරුවටයි හේතුව එරංග කියයි
-
🚨කථානායක ගැන යන විමර්ශන සම්බන්ධයෙන් අල්ලස් කොමිසට ඉල්ලීමක්.
-
🚨බුද්ධිමත්ව හිතන්න!!අපිටත් මත ගැටුම් තියෙනවා හැබැයි ජීවිතේට රාජපක්ෂලට නම් කඩේ යන්නෑ!!-ජන අරගලේ..


