දේශීය

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ඉරානයේ සහාය ඉල්ලයි

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
ඒ අනුව එම අරමුණින් සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (29) එම අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.
මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිත සියඔලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට ඉරානය මෙහිදී සිය එකඟතාව පළ කර ඇති අතර ඉරාන රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ වැව් හා කලපු ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද සිය රජයෙන් ඉල්ලීම් කරන ලෙස අයෝබ් හෙයිදාරී මහතා රාජ්‍ය ඇමතිවරයාට දැනුම් දැනුම් දී ඇත.
ඒ අනුව එම ඉල්ලීම් ඉරාන රජයේ විශේෂ අවධානයට යොමු කරවීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

22 mins ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago