තිරසර සංවර්ධනය සඳහා සාමකාමී සහ පරිපුර්ණ සමාජයක් ඇති කිරීම, යුක්තිය සඳහා සැමට අවස්ථාව ලබාදීම සහ සෑම මට්ටමකම ඵලදායී වගකීම් සහිත පරිපූර්ණ ආයතන ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම යන අරමුණු කරා ගමන් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) අධිකරණ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වී තිබේ.
අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හා එම අමාත්‍යාංශය සහ තිරසර සංවර්ධන සභාවේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු දර්ශක අංක 16 වන ‘සාමය, යුක්තිය හා ශක්තිමත් ආයතන’ යටතේ මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.
‘සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන’ යන සංකල්පයේදී තිරසර සංවර්ධන නිර්ණායකයන් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩසටහන් සම්පාදනය කිරීම, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම හා සම්බන්ධීකරණය කිරීම, තිරසර සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමට හා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම හා පවතින නීති සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදු කිරීමේ ආරම්භයක් ලබා ගැනීමට මෙහිදී තීරණය කළ බව රජයේ නිල පුවත් වාර්තා අනාවරණය කළේය.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…