ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව තුළ කරාතේ සහ ටෙනිස් ක්‍රීඩා ඉහළ නැංවීමේ අරමුණින් අදාළ ක්‍රීඩා සංගම් සමග ගිවිස ගැනීම තරුණ හා ක්‍රීඩා ඇමතිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24) සිදු වී ඇත.
ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සමඟ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේදීත් ටෙනිස් සංගමය සමග ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදීත් අදාළ ගිවිසුම්වලට එළැම්බුණ බව එම අමාත්‍යාංශය පැවසීය.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කරන ලද ක්‍රීඩා 05 අතරට කරාතේ සහ ටෙනිස් ක්‍රීඩාද ඇතුළත් වේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය වෙනුවෙන් එහි සභාපති එච්.එම්.සිසිර
කුමාර ශ්‍රී ලංකා ටෙනිස් සංගමය වෙනුවෙන් එහි සභාපති බින් ඉසැක් මහත්වරුන් අදාළ ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…