ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව තුළ කරාතේ සහ ටෙනිස් ක්‍රීඩා ඉහළ නැංවීමේ අරමුණින් අදාළ ක්‍රීඩා සංගම් සමග ගිවිස ගැනීම තරුණ හා ක්‍රීඩා ඇමතිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24) සිදු වී ඇත.
ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සමඟ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේදීත් ටෙනිස් සංගමය සමග ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදීත් අදාළ ගිවිසුම්වලට එළැම්බුණ බව එම අමාත්‍යාංශය පැවසීය.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කරන ලද ක්‍රීඩා 05 අතරට කරාතේ සහ ටෙනිස් ක්‍රීඩාද ඇතුළත් වේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය වෙනුවෙන් එහි සභාපති එච්.එම්.සිසිර
කුමාර ශ්‍රී ලංකා ටෙනිස් සංගමය වෙනුවෙන් එහි සභාපති බින් ඉසැක් මහත්වරුන් අදාළ ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
කරාතේ හා ටෙනිස් ක්‍රීඩා සංගම් ගිවිසුමක්
නවතම වීඩියෝ
-
🔴ජනපතිත් ගිය සැක සංකා මතු කළ පූජා නගරය හැදීම ගැන ආන්දෝලනය සැරටම ඇදේ.ඇත්තම තත්වය ගැන නලින්ද හෙලිකලදේ?
-
🚨 පොලිසියට ඒක අඳුනගන්න බැරි නම් වැඩක් නෑ. - රට අහන පනත් 2 ගැන ගැඹුරු ප්රශ්නෙට නලින්ද දුන්න උත්තරේ.
-
🚨තෙල් සමාගම්වලට ඕන ඕන විදිහට තෙල් වැඩිකරන්න පුලුවන්ද??නලින්ද කෙලීන්ම දුන් උත්තරේ.
-
බෝනගේන් ප්රශ්නය නිසා ක්රිකට් මාධ්ය හමුව උණුසුම් වෙයි/ රොෂාන් මහානාම මැද්දට පැන කතාව විසදයි


