එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පොරොන්දු කඩ කර ඇති බව පොලිස් නිලධාරියකු අතින් සාහසික ලෙස මිය ගිය ජෝර්ජ් ෆ්ල්යිඩ්ගේ සහෝදරිය චෝදනා කරයි.
සිය සහෝදරයාගේ පළමු අනුස්මරණය වන විට පොලිස් ප්‍රතිසංස්කරණ නීති වෙනස් කරන බවට වූ පොරොන්දුවක් මෙසේ කඩ කර ඇති බව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරිය වන බ්‍රිජට් ෆ්ලොයිඩ් සඳහන් කරන්නීය.
මෙම පොරොන්දුව මතක් කරමින් හා අදාළ නීති ස්ථාපිත කිරීමට බල කරමින් මිනසෝටාහි මිනියාපොලිස්හි පැවති රැළියකට සිය පවුලේ අය සමග සහභාගි වූ බ්‍රිජට් ෆ්ලොයිඩ් සහභාගි වූවාය.
පසුගිය අඟහරුවාදා ෆ්ලොයිඩ්ගේ ඝාතනයට වසරක් සපිරුණ අතර මිනියාපොලිසියේ හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින් විසින් ව්‍යාජ ඩොලර් 20ක බිල්පතක් ළඟ තබාගැනීමේ සැකය මත මිනිත්තු නවයකට වැඩි කාලයක් ෆ්ලොයිඩ්ගේ ගෙල ප්‍රදේශය තද කිරීමෙන් ඔහු මිය ගිය බව අනාවරණ වූ අතර එම වීඩියෝ පටය ලෝකය පුරා දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මෙම ඝාතනයට අදාළ පොලිස් නිලධාරියාට වසර 40ක සිර දඬුවම් නියම කෙරිණි.
Pic:Reuters


