බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීම මෙවැනි අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මානුකූලව ජීවත් වීම සඳහා මනා පිටුබලයක් සපයන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වෙසක් පොහොය නිමිත්තෙන් නිකුත් කළ සිය පණිවුඩයෙන් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
එම ප්‍රකාශය මෙසේය.
සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිගැන්වෙන වෙසක් මංගල්‍යය ලොව පුරා වෙසෙන බෞද්ධ සැමගේ උතුම්ම මංගල්‍යයි.
බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙනදා මෙන් ඉමහත් හරසරින් සමරන වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ ලොව පුරා පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේය.
ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගයකොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරු වීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය වේ.
බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කරගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මානුකූලව ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයයි.
උත්තරීතර බුදු දහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියටම උරුම වූවකි. එහෙයින් ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණුවීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමටද එය ඉවහල් විය.
මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් උත්කර්ශවත්ව පැවැත්වීමට නියමිතව තිබුණ ද පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුවේය.
එසේ වුවද උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නැයි සියලු ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.
කොවිඩ් වසංගතය මුළු ලොවින්ම තුරන් වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත්ව ජීවත්වීමට හැකිවේවා! යැයි මෙම උතුම් වෙසක් දිනයේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැතිවරයා මෙන්ම අගමැතිවරයා වශයෙන් මමද එක් වෙමි. සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…