මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දි රජයේ නිළධාරීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින අතරතුර වුව ද පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය උත්සාහ දරන්නේ රටේ අනාගතය සහ ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් සහිත ව බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :
චීනයෙන් අපට ලැබුණු එන්නත් ලක්ෂ හයෙන් මේ වෙනකොට ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තිබෙනවා.තවත් ලක්ෂ දෙකක වගේ ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ එන්නත් කිරීමට කටයුතු කරනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචාරණ සීමා පනවා ඇතත් බස්නාහිර පළාතේ සෑම එම්.ඕ. ඒච් කාර්යාලයකම වෛද්‍යවරු යොදාගත් ආකාරයටම එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට පලමු මාත්‍රාව ලබා දී අවසානයි. ඉදිරි සති කිහිපය තුලදී දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයට පළමු අදියරේ සයිනොෆාම් එන්නත එක්ලක්ෂ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. දෙවැනි අදියරේත් එවැනි ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. දැන් මේ වෙනකොට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ හතරකට පමණ එන්නත් කොට තිබෙනවා. මේ ආකාරයෙන් ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නත ඉතා කඩිනමින් ලබාදීමට රජයක් හැටියට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස 4 ඇතුළත දී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට කොවිඩ් කමිටුවේ දී සාකච්ඡා කර තීන්දු කරලා තිබෙනවා.
රටේ වසංගතයක් පවතින අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැඳවා පෝට් සිටි පනත විවාදයට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ
රටේ වසංගතයක් තිබෙන බව පවසමින් අනෙකුත් වගකීම් සහ රාජකාරි නවතා දැමීමට රජයකට කිසිසේත්ම නොහැකි බවයි. රජයේ අනෙකුත් ක්‍රියාකාරකම් නවතා දමා රජය අකර්මණ්‍ය බව පෙන්වීමට ඇතැම් පිරිස් වලට අවශ්‍යතාවයක් ඇතත් රජයට අවශ්‍ය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් බාධක මැඩ ගනිමින් රට ඉදිරියට ගෙන යාම බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. රට ලොක් ඩවුන්වෙනවා නම් ඇඳිරි නීතිය පනවනවා නම් ආර්ථිකය වැටෙනවා නම් රජයට ප්‍රශ්නයක් වෙනවා නම් විපක්ෂය සතුටින් බලා සිටිනවා
මරණ සංඛ්‍යාව වැඩි වෙනවා නම් ආසාදිත සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒ අය සතුටු වෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ පිළිබඳව අවධානයක් යොමු කිරීමෙන් තොරව රටේ සාමාන්‍ය තත්ත්වය තත්ත්වය පවත්වාගෙන යන්න රජය හැකි හැමවිටම උත්සහ දරනවා. රටේ ආර්ථිකය මේ වෙලාවේ ශක්තිමත් වෙන්න ඕනෙ. පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක වෙන්න ඕනේ. මේ කටයුත්තට සහභාගි වෙන්නේ මන්ත්‍රීවරුන්.ජනතාව නෙවෙයි. වසංගත තත්වයක් රටේ තිබුනත් පාර්ලිමේන්තුවට අනෙක් හැම දේකටම එන්න පුළුවන්නම් මේ වැදගත් කටයුත්ත ටත් ඇවිල්ලා සාකච්ඡා කරලා තීන්දු අරගෙන කටයුතු කරන්න පුළුවන්
Dinamina


