Thursday, April 23, 2026
Homeදේශීයකැළණි රජමහා විහාරයේ සදාකල් වසා ඇති කාමර යක් තුල සැඟවුණ අසහාය සිත්තරෙකුගේ...

කැළණි රජමහා විහාරයේ සදාකල් වසා ඇති කාමර යක් තුල සැඟවුණ අසහාය සිත්තරෙකුගේ ඛේදාන්තය ..

“නිම නොකල චිත්‍රය “….

කිසිවෙකුට කිසිදිනක දැක ගත නොහැකි මහා ඛේදවාචකයක් සගවාගත් දල සටහනක් පමණක් ඇති මෙම නිම නොකල චිත්‍රය ඇත්තේ කැලණි විහාරයේ බුදුපිළිමය දෙපස ඇති කාමරයේ ය.

එම කාමරය සදාකල් වසා ඇත .මෙහි ජායාරූපය අපට ගැනීමට හැකි වූයේ ” කැලණි විහාර බිතුසිතුවම්” පොත සදහා ජායාරූප ගැනීමේදී ය.මෙම වැසූ කාමර දෙකේ චිත්‍ර ඇති බව සිදුරු අතරින් අපි දුටිමු .ඒවායේ ද ෆොටෝ ගැනීමට අවසර ඉල්ලූ විට කෙටි වෙලාවක ට අවසර ලැබුනි. මෙය ද අපි ගතිමු .මෙය දුර්ලභ ජායාරූපයකි.

වසර 18ක් කැලණි විහාරයේ චිත්‍ර නිර්මාණය කල සොයිලියස් මැන්දිස් ට තව ඉතිරිව තිබුනේ මෙම චිත්‍රය හා බුදු පිලිමය පසුතලය පමනි. එම පසුතලය ජර්මන් ජාතික චිත්‍ර ශිල්පියෙක් ලවා ඇන්දවීමට දායක සබාව තීරණය කල නිසා සොයිලියස් මැන්දිස් ට එය නොකරන ලෙස දැනුම් දෙන ලදී .එම ශිල්පියා පැමිණ පසුතලය හිමකදු ඇදීමට තීරණය කලේය .ඒ අනුව දෙපස කාමර දෙකේ චිත්‍ර ඊට නොගැලපෙන නිසා මකාදමන ලෙසද දන්වන ලදී .

ඒබව සොයිලියස් මැන්දිස් ට දැන්වූවිට ඔහු පලංචියෙන් බිමට බැස්සේ ය.”මගේ ලෙයින් දහඩියෙන් ඇදපු එක චිත්‍රයක් වත් මම මකන්නෙ නෑ “..කියා පින්සල් මිටියද විසිකර දමා යන්නට ගියේය .ඉන් පසු කිසිම දිනක ඔහු චිත්‍ර ඇන්දේ නැත. චිත්‍ර මකන්න කිසිවෙක් ඉදිරිපත් නොවිය .කාමර දෙක වසා තැබුනි. බුදුපිළිමය පිටුපස හිමකදු අදින ලද්දේ ජර්මන් චිත්‍ර ශිල්පියා විසිනි.එය අනුකරණය කරමින් ඉන්පසු ලංකාවේ සියලු පන්සල් වල හිමකදු ඇදීමේ සම්ප්‍රදාය ක් පැතිරුනි…

සිය ගම වන මහවැව ට ගිය සොයිලියස් මැන්දිස් තමාට ලැබුනු පොල් ඉඩමෙහි තම මුදලින් අද බිහිරි විදුහලක් ආරම්භ කලේය .ඒ ලගම නිවසක් සදාගෙන තම ගෝලයා වන සෝමපාල සමග මිය යන තුරුම එහි ජීවත් විය .විවාහය ද චිත්‍ර කලාව වෙනුවෙන් කැප කල මේ මිනිසා කැලණි චිත්‍ර අදින්න ට පටන් ගත්තේ වයස 30 දීය .අවසන් කරනවිට 48 කි. මියයන තුරු අප්‍රකට නිහඬ ජීවිතයක් ගතකල මේ අසහාය මිනිසා චිත්තප්‍රීතිය සදහා කලේ අද බිහිරි විදුහල පවත්වාගෙන යාමත් දඩාවතේ යන බල්ලන් 32 දෙනෙකු කන්න දෙමින් හදාගැනීමත් ය. …..ඇස් කන් ඇති අයට වඩා අද බිහිරන් හා සතුන් හොඳ යයි ඔහු සිතුවා වියහැක ……….

READ:   මාතර වෙඩි තැබීමක්

Charles Dayananda

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්