දේශීය

දින දහයෙන් ඇඳන් දසදහසක් ප්‍රදානය ඇරඹෙයි

කොවිඩ් -19 ආසාදිතයන් සඳහා තරුණ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි, දින 10න් ඇඳන් 10,000ක් ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ ඇඳන් කොවිඩ් ප්‍රතිකාර
මධ්‍යස්ථානවලට ප්‍රදානය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය අබලන්ව පැවති හදිසි ප්‍රතිකාර ඇඳන් 200ක් සහ තවත් ඇඳන් 700ක් භාවිත කළ හැකි ලෙස සකස් කර ඇති අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යාන්ත්‍රික වැඩපළ තුළ කටයුතු නිම කළ ඇඳන් 50ක් කොස්ගම රෝහලට ලබා දී තිබේ.
ජාතික අවශ්‍යතාවක් ලෙස සළකා කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අතිරේක ඇඳන් සකස් කර දීම වෙනුවෙන් දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය ආරම්භ වූයේ පසුගිය මැයි 07 වැනිදාය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

19 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago