කොවිඩ් -19 ආසාදිතයන් සඳහා තරුණ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි, දින 10න් ඇඳන් 10,000ක් ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ ඇඳන් කොවිඩ් ප්‍රතිකාර
මධ්‍යස්ථානවලට ප්‍රදානය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය අබලන්ව පැවති හදිසි ප්‍රතිකාර ඇඳන් 200ක් සහ තවත් ඇඳන් 700ක් භාවිත කළ හැකි ලෙස සකස් කර ඇති අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යාන්ත්‍රික වැඩපළ තුළ කටයුතු නිම කළ ඇඳන් 50ක් කොස්ගම රෝහලට ලබා දී තිබේ.
ජාතික අවශ්‍යතාවක් ලෙස සළකා කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අතිරේක ඇඳන් සකස් කර දීම වෙනුවෙන් දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය ආරම්භ වූයේ පසුගිය මැයි 07 වැනිදාය.
A valid URL was not provided.


