Wednesday, April 15, 2026
Homeදේශීයබදුල්ල කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ පරස්පරයක්?

බදුල්ල කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ පරස්පරයක්?

ඌව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික කොවිඩ් කමිටුව මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යා පිළිබඳව ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා ලේඛන අතර බරපතල පරස්පරයන් තිබෙන බව හිටපු ආණ්ඩුකාර (දකුණු, මධ්‍යමා රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
බිම් මට්ටමින් ලැබෙන තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් නිවැරදිව සටහන් කරනු ලබන මුත් දිස්ත්‍රික් හා ජාතික තොරතුරු වාර්තාවන්හි එම සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරන බවට ඒ මහතා චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව තුළද සැක මතුව ඇති බවද හෙතෙම අනාවරණ කරයි.
මෙයට විසඳුම වශයෙන් වෛද්‍ය පර්යේෂණගාර, රෝහල්, හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දවසේ පැය 24 පුරා යාවත්කාලීන කළ හැකි දත්ත පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවට හෙතෙම අවධාඅරණය කළේ අද (10) නිකුත් කළ නිවේදනයකින්ය.

READ:   ඇයත් පොසිට්වි - ආරක්ෂිත ඇඳුම් නොමැතිව අවදානම ගෙන කොවිඩ් ආසාදිතයෙකුට හදිසි ප්‍රතිකාර කළ හෙදියගේ කතාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්