දේශීය

ඇටමිදුළු බද්ධය ගැන ආසිරි රෝහලෙන් සුබ ප්‍රවෘත්තියක්!

සිය ඇටමිදුළු බද්ධ කිරීමේ සිය ප්‍රතිකාර සේවාව ඉහළ නංවමින් ආසිරි රෝහල් ජාලය තම පියවි සෛල රසායනාගාරය වැඩිදියුණු කර ඇති අතර එමගින් කුඩා ළමුන් මුල් කරගනිමින් ඇටමිදුළු සම්බන්ධ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට එමගින් වැඩි අවස්ථාවක් උදා කර තිබේ.
ලියුකේමියාව, ලිම්ෆෝමාව, මයලෝමා මෙන්ම තැලසීමියාව සහ ඇටමිදුළු අකර්මණ්‍ය වීම යනාදී රුධිර ආශ්‍රිත දරුණු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ අවස්ථාවත් මල්ටිපල් ස්ක්ලෙරෝසිස් වැනි රුධිරාශ්‍රිත නොවන රෝගවලට පවා ඇටමිදුළු බද්ධ කිරීමට හැකියාවත් එම ඒකකයෙන් ලබා දී තිබේ.
රෝගියකුගේ පවුලේ සෞඛ්‍යසම්පන්න අයෙකුගෙන් ලබාගන්නා පියවි සෛල ඇසුරින් බහිර්ජාත ඇටමිදුළු බද්ධකිරීමේ තාක්ෂණයද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සතුය. පවුලේ සාමාජිකයින්ගෙන් ගැලපෙන පියවි සෛල ලබාගත නොහැකි විටෙකදී ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය වැනි ජාත්‍යන්තර වශයෙන් ලියාපදිංචි කර ඇති පරිත්‍යාගශීලීන් හරහා පියවි සෛල ලබාගෙන ප්‍රතිකාර ලබාදීමටද ආසිරි රෝහල් ජාලය පියවර ගෙන ඇත.
යම් හෙයකින් ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාරය වෙනුවෙන් පියවි සෛල ලබාදීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලියෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳීමේ අවදානම හේතුවෙන් පියවි සෛල භාවිතයට ගැනීම සඳහා ඒවා කල් තබා ලබාගෙන, ආරක්ෂිතව ගබඩා කිරීමට ලංකාවේ එකම පියවි සෛල සැකසුම් සහ ගබඩා පහසුකම්වලින් පියවි සෛල රසායනාගාරයක් පිහිටුවීමට ආසිරි රෝහල් ජාලයට සමත්ව ඇත.
ආසිරි ඇටමිදුළු බද්ධකිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලින්ද්‍ර ගුණරත්න මහතා පවසන්නේ ජාත්‍යන්තර නිර්දේශ අනුව ගබඩා කර ඇති පියවි සෛල භාවිත කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර කිරීමේ අවස්ථාව නව ඒකකයෙන් උදා වී ඇති බවත් රෝහල් ජාලය සතු පියවි සෛල ගබඩාව තුළ අවුරුද්දක් යනතුරු පියවි සෛල ගබඩා කර තැබිය හැකි බවත්ය.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඇටමිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුල්වරට ආරම්භ කරන ලද්දේ ආසිරි රෝහල් ජාලය විසින් වර්ෂ 2014දී වන අතර එම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ක්‍රමානුකූලව දරුණු රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන්ට පවා ප්‍රතිකාර සැපයීමේ හැකියාව උදා විය. වර්තමානය වන විට දෙස් විදෙස් රෝගීන් 60කට වැඩි සංඛ්‍යාවකට එමගින් ප්‍රතිකාර කර ඇති අතර එම ප්‍රතිකාරවල සාර්ථකත්වය සියයට 98ක් තරම් ඉහළ මට්ටමක පවතී.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago