Monday, July 27, 2026
Homeදේශීයබැඳුම්කර වංචාවට රවී ඇතුළු 08ක් රිමාන්ඩ්!

බැඳුම්කර වංචාවට රවී ඇතුළු 08ක් රිමාන්ඩ්!

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළ්ඹෙන මාර්තු 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
යහපාලන ආණ්ඩු සමයේදී රජයට රුපියල් බිලියන 36.89ක මුදලක් අහිමි කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුණ අතර දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්. ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභග කෙරිණි.

රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

READ:   සංචාරකයන්ගෙන් මාර්තු මාසයේ ආදායම රුපියල් කෝටි 6,330ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්