ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාව පෙබරවාරි 23 වැනිදා නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබේ.
අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය දෙසැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෝපා කමිටුවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවද එහිදී අවධාරණය විය.
මෙම කරුණු ඉදිරිපත් කරන ලද්දේ අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසිනි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය
ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධව ඉදිරිපත්ව ඇති නිර්දේශ කෝපා කමිටුවේදී අවධානයට ලක් කෙරෙනු ඇත.
මේ අතර, එළඹෙන පෙබරවාරි 24 වැනිදා කෝපා කමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අවම වී ඇති රජයේ පාසල්වල කාර්ය සාධනය සලකා බැලෙන අතර පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකා රේගු දේපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමර්ශනය කිරීමට නියමිතය
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…