තවමත් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලබා ගැනීම සඳහා ලබන සතියේ තවත් දින 03 ක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික COVID කාර්ය සාධක බලකාය කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව, පෙබරවාරි 23 සිට 25 දක්වා කාලය තුළ කොළඹ නාරහෙන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදී පෙරවරු 8.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා මන්ත්‍රීවරුන්ට මෙම එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි වනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා එළඹෙන සතියේ කොළඹට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බැවින් මෙලෙස COVID-19 එන්නත එම දිනවල ඔවුන් වෙත ලබා දීමට තීරණය කොට තිබේ


