ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනය කර සිටී.
පොලිස් ළමා හා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවද එම සංසදයේ සභාපතිනි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජේරත්න මහත්මිය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වූහ.
මෙහිදී සභාපතිවරිය පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීම පිළිබඳව තම සංසදය ඉතා සතුටට පත් වූ බවත් එය බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස්ම තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවත්ය.
නමුත් ඇයට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තම අප්‍රසාදය පල කරන අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබියයුතු බව තම විශ්වාසය බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය. මෙතරම් දියුණු ලෝකයක කාන්තාවක් වීම නිසා ම යම් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කිරීමේ අවස්ථාව අහිමි කිරීමට උත්සහ දැරීම ඉතා අසාධාරණ බව මෙහිදී මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ප්‍රකාශ කළේ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු වලට යම් පිරිසක් එළඹ සිටීම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු කාත්තා මන්ත්‍රීවරියන් විසින් හෙලා දකින බවත්,එයට එරෙහිව මේ රටේ සියලු කාන්තාවන් මෙන්ම තම දියණිවරුන්ගේ සාර්ථකත්වය බලාපොරෙත්තු වන සියලු දෙමාපියන්ද ඒකරාශී විය යුතු බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන රෝහිණි විජේරත්න මහත්මිය සඳහන් කළේ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය තම රාජකාරි නිසි අයුරින් ඉටු කිරිම වෙනුවෙන් ඇයට හිමි උසස්වීම ලබා ගැනීමට එරෙහිව මේ රටේ පුරුෂ සමාජය කටයුතු කිරිම පිළිකුල් සහගත බවය. මේ ආකාරයට කාන්තාවන් හිංසනයට ලක් කිරීම රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමේදී විශාල බාධාවක් බවත් විශේෂයෙන් කාන්තාවන් සේවා ස්ථානයන් තුළ ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක් කිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය
ලංකාවේ ජාතික නායකත්වයන් සඳහා කාන්තාවන් පත්වීමේ උදාහරණ ඕනෑතරම් ඇති බවත්, ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය පත්වීම, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීම, අග්‍රවිනිශ්චයකාරවරිය ලෙස ශිරානි බණ්ඩාරනායක මහත්මිය පත්වීම උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරියෝ නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයක් කාන්තාවකට දැරිය නොහැකි බවට ප්‍රකාශ කිරීම උචිත නොවන බව සඳහන් කළහ.
මෙහිදී සභාපතිවරිය තවදුරටත් පෙන්වා දුනේනේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාදායකය තුළ සහ නීති සම්පාදනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම බවයි. මේ නිසාම මෙරටේ ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තා දායකත්වය වර්ධනය කිරීම සඳහා සංසදය විසින් සියළු දේශපාලන පක්ෂ දැනුම්වත් කොට ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට කටයුතු කරන බවද සභාපතිවරිය සඳහන් කළාය.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…