ජනතා අභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනට ලක් වූ එකක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබදව ශෝක පණිවඩුයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කතානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූ වි.ජ.මු, ලොකුබණ්ඩාර මහතා සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය පිළිබඳ විමර්ශනශීලි ප්‍රාඥයෙකු වූ භක්තිමත් භාෂා ප්‍රේමියෙකු බව ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.
මහජන සේවය උතුම් කොට සැලකූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා දේශපාලන යුග ගණනක නොමැකෙන චරිතයක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
වි.ජ.මු ලොකුබණ්ඩාර වෙනුවෙන් ජනපති, අගමැති සොව පළ කරති
නවතම වීඩියෝ
-
පරිපාලන දෝෂ නිවැරදි කර ඥානසාර හිමියන්ට යළි ජනපති සමාව දෙන්න.දිලිත් ජයවීර ජනපතිගෙන් ඉල්ලයි
-
රටේ ඒකීයත්වය සුරැකෙන්න නම් බුදුසසුනට ප්රමුඛස්ථානයත් සෙසු ආගම් සුරක්ෂා කිරීමත් සිදු විය යුතුයි..
-
🚨BREAKING විහාර මහදේවි උද්යානයේ උණුසුම් තත්ත්වයක්.හාමුදුරුවෝ තෙමන එක හරිද?දැන් ලැබුනු උණුසුම් දර්ශන
-
🚨සිවුර ගැලෙව්වා??මෙන්න දෙවැනි එක!!පොලිස් ලේකම්ගේ ප්රකාශයක් ගැන මිහින්තලේ නාහිමිගෙන් ආන්දෝලනයක්


