“ඔබතුමා ඔහොම හැසිරෙන්න එපා. බලාගෙන ඉන්නේ ඔබතුමාගේ ඔය මුලසුනේ කාර්යභාරය ගැන. අඩුම තරමේ ඔබතුමා ඒක නතර කරන්න ඕන. ඒක ප්‍රශ්නයක් කියලා මතු කරනකොට මට ඉඩ දෙන්න ඕන. ඔබතුමාගේ ඩියුටිය ඒක. ඔබතුමා ආණ්ඩු පක්ෂයේ සංවිධායකයෙක් නෙවෙයි. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන මුලසුනේ ප්‍රධානියා. එක්කෝ ඔබතුමා ඒ විකාරෙ නවත්තන්න ඕන.”
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව ඊයේ (12) පැවසුවේ මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අතර පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදයක් අතරතුරදීය.
ටයිල් හා සනීපාරක්ෂක උපාංග ආනයනය පිළිබඳව පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදය පැය 24ක් යෑමට පෙර අවලංගු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා මුදල් රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර මුදල් රාජ්‍ය ඇමතිවරයා 88-89 භීෂණ වකවානුව පිළිබඳව කරුණු දැක්වීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 88, 89 පිළිබඳව විවාදයක් අවැසි නම් ඒ සඳහා තමන් සූදානම් බවද එහිදී පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…