Monday, September 14, 2026
Homeදේශීයරට වෙනුවෙන් දහ දුක් විඳින රට විරුවන්ගෙන් අයි.එම්.එෆ් පරදන වාර්තාවක්.

රට වෙනුවෙන් දහ දුක් විඳින රට විරුවන්ගෙන් අයි.එම්.එෆ් පරදන වාර්තාවක්.

අමෙරිකානු ඩොලර් බිලියන 03කට අඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකයට වඩා වැඩි මුදලක් ජනවාරි සිට මේ දක්වා විදෙස්ගත විගමනික ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එම මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එය ගිය වසරට සාපේක්ෂව 70%කටත් වඩා වැඩිවීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

වාහන, ණය පහසුකම් වරප්‍රසාද සහ ගෞරවය ලබා දෙමින් විදෙස් ශ්‍රමිකයින් දිරි ගැන්වීම මීට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   නත්තල වෙනුවෙන් ජනපති ගෙන් විශේෂ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්