විශේෂාංග

අනෝමා රාජකරුණා කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන ජූරියට

වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායිකාවක ලෙස ප්‍රචලිත අනෝමා රාජකරුණා මේ මස 10 වෙනිදා ඉන්දියාවේදී ආරම්භ වන 25 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival of Kerala) ප්‍රධාන ජූරිය වන “අන්තර්ජාතික ජූරිය”ට (International Jury) තෝරා පත්කරගෙන ඇත. දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක කිම් හොං ජූම් සභාපතිත්වය දරන මෙම ජූරියේ අනෝමා රාජකරුණාට අමතරව, ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ අනූප් සින්ග්, සිංගප්පූරු ජාතික සිනමාපට විචාරක පිලිප් චෙයා සහ නයිජීරියානු සිනමාපට අධ්‍යක්ෂක නිව්ටන් අඩුඅකා සමාජිකත්වය දැරීමට නියමිතය.1994 වසරේදී ආරම්භ වූ කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියක් නියෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයෙකු තෝරාගත් 10 වෙනි අවස්ථාව මෙය වන අතර, ඒ අතුරින් උළෙලේ ප්‍රධාන ජූරිය නියෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සුදුසුකම් ලද සිව්වන අවස්ථාව මෙය වේ. මීට පෙර 2002 වර්ෂයේදී චිත්‍රපට අධ්‍යක්ෂක තිස්ස අබේසේකරත්, 2009 වර්ෂයේදී චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේත්, 2018 වර්ෂයේදී චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමති සිවමෝහනුත් කේරළ උළෙලේ ප්‍රධාන අන්තර්ජාතික ජූරිය නියෝජනය කළහ. ෆිඇප්ෆ් (FIAPF) අනුමැතිය හිමි “තරගකාරී විශේෂිත වෘත්තාන්ත සිනමාපට උළෙල” (Competitive Specialized Feature Film Festivals) හෙවත් ලොව “බී” ශ්‍රේණියේ සිනමා උළෙලෙ 22 අතුරින් එකක් වන කේරළ උළෙල, ඉන්දියාවේ සිව් මහ අන්තර්ජාතික සිනමා උළෙල (ඉන්දියානු-ගෝව, කොල්කටා, මුම්බායි, කේරළ) අතුරින් එකක්ද වේ.පළමු වරට 2006 වර්ෂයේදී ඊජිප්තුවේ පැවති කයිරෝ අන්තර්ජාතික ළමා සිනමා උළෙලේ “සජීවීකරණ හා රූපවාහිනී වැඩසටහන්” ජූරිය නියෝජනය කළ අනෝමා, මේවන විට රටවල් 06 ක පැවැති අන්තර්ජාතික සිනමා උළෙල 07 ක ජූරි සභාවන් නියෝජනය කිරීමට සමත්ව ඇත. ඒ අනුව කේරළ උළෙලේ ජූරී නියෝජනය, ඇය එතරදී අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කරන අටවෙනි අවස්ථාව බවට පත්වේ. මෙහිදී ශ්‍රී ලාංකේය ජූරි සභිකාවන්ගේ නමින් ලියවුණු ජූරි නියෝජන අවස්ථා සංඛ්‍යාව සැසදීමේදී, අනෝමා රාජකරුණාගේ පෙරකී ජූරී නියෝජන අවස්ථා සංඛ්‍යාව දෙවෙනි වන්නේ චිත්‍රපට විචාරිකා රංජනී රත්නවිභූෂණගේ ජූරි නියෝජන අවස්ථා සංඛ්‍යාවට (13 යි) පමණි. සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

7 mins ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

24 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago