දේශීය

ජවිපෙ මන්ත්‍රී ආසන තුනට බැස්සේ ඇයි?

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03 දක්වා අඩු වූයේ එම පක්ෂය විප්ක්ෂ්යේ කල්ලි වෙනුවෙන් කඩේ යාම හේතුවෙන් බව මහාමර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසූ අතර එම ප්‍රකාශය මෙසේය.
“අහුලගන්න පුළුවන් හැම එකම අහුලගෙන කන විපක්ෂයක් තියෙන්නේ. සාධාරණව ජීවත් වෙන්න බැහැ කියලා මතයක් ගොඩ නගන්නේ කවුද? මේ එකම කල්ලියක්. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ප්‍රේමදාසගේ කල්ලිය, චම්පිකගේ කල්ලිය, ආසන හයට තිබිලා තුනට බැහැපු කුමාරගෙ කල්ලිය. ඔය ඔක්කොම පසුගිය යහපාලන ආණ්ඩුව නියෝජනය කරපු කල්ලි. ජනතා විමුක්ති පෙරමුණට තිබ්බ ආසන 6 තුනකට බැස්සෙ ඔය කල්ලිවලට අනුරලා කඩේ ගිය නිසා.
අදත් මම එනකොට උද්ඝෝෂණය කරනවා නාමල් කරුණාරත්න. හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී. බොරලු කන්දක් කපනවා කියලා. මම කියලා ඊයෙ නතර කරපු බොරළු කන්ද මේ. නතර කරපු කන්ද කර තියාගන්න දැන් යනවා නාමල් කරුණාරත්න. මට පැමිණිලි කරපු ගමන් කිව්වා වහාම නතර කරන්න කියලා. ඒ වගේම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා මට රැකව ජිනරතන හාමුදුරුවෝ තමයි මේ බොරළු කන්ද කපන්න යනවා කියලා දැනුවත් කළේ. මේ ගැන දැනුවත් කරපු සැණින් නතර කළා. එහෙම නතර කරපු එකට තමයි අද උද්ඝෝෂණය කරන්නේ.”

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago