ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03 දක්වා අඩු වූයේ එම පක්ෂය විප්ක්ෂ්යේ කල්ලි වෙනුවෙන් කඩේ යාම හේතුවෙන් බව මහාමර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසූ අතර එම ප්‍රකාශය මෙසේය.
“අහුලගන්න පුළුවන් හැම එකම අහුලගෙන කන විපක්ෂයක් තියෙන්නේ. සාධාරණව ජීවත් වෙන්න බැහැ කියලා මතයක් ගොඩ නගන්නේ කවුද? මේ එකම කල්ලියක්. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ප්‍රේමදාසගේ කල්ලිය, චම්පිකගේ කල්ලිය, ආසන හයට තිබිලා තුනට බැහැපු කුමාරගෙ කල්ලිය. ඔය ඔක්කොම පසුගිය යහපාලන ආණ්ඩුව නියෝජනය කරපු කල්ලි. ජනතා විමුක්ති පෙරමුණට තිබ්බ ආසන 6 තුනකට බැස්සෙ ඔය කල්ලිවලට අනුරලා කඩේ ගිය නිසා.
අදත් මම එනකොට උද්ඝෝෂණය කරනවා නාමල් කරුණාරත්න. හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී. බොරලු කන්දක් කපනවා කියලා. මම කියලා ඊයෙ නතර කරපු බොරළු කන්ද මේ. නතර කරපු කන්ද කර තියාගන්න දැන් යනවා නාමල් කරුණාරත්න. මට පැමිණිලි කරපු ගමන් කිව්වා වහාම නතර කරන්න කියලා. ඒ වගේම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා මට රැකව ජිනරතන හාමුදුරුවෝ තමයි මේ බොරළු කන්ද කපන්න යනවා කියලා දැනුවත් කළේ. මේ ගැන දැනුවත් කරපු සැණින් නතර කළා. එහෙම නතර කරපු එකට තමයි අද උද්ඝෝෂණය කරන්නේ.”
ජවිපෙ මන්ත්‍රී ආසන තුනට බැස්සේ ඇයි?
නවතම වීඩියෝ
-
🔴ප්‍රභලයින් රැසක් මේ දැන් නීතිඥ සම්මේලනයට - නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය මගහැර දුවයි !!
-
"'අනුරගේ පරණ යාළුවෙකුත්' එයි.ලාලුයි මෛත්‍රී ගුණරත්නයි පැටලෙයි.
-
🚨නීතිඥ සම්මේනයට නීතිඥයින් එක පෙළට එයි !! මාලිමාවේ නීතිඥවරයෙකුත් ඇවිත් !!
-
දිට්වාවලදී දුන් සහයට නව නියෝජ්‍ය මහකොමසාරිස්වරයාට ස්තුති කරල. ද්විපාර්ශවික සබඳතා ගැන කතා කරලා


