Wednesday, September 16, 2026
Homeදේශීයකොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා ඊයේ (15) ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.

ඒ මහතා ඇතුළු තවත් නිලධාරීන් අට දෙනෙකුට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පත්වීම් ලිපි පසුගිය 11 වෙනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ලබා දුන්නා.

දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  ධුරය ඇතුළු බොහෝමයක් තනතුරු සඳහා ස්ථිර නිලධාරියකු පත් කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

READ:   බර්මින්හැම් ක්‍රීඩා උලෙළේදී අතුරුදන්වූවන් 11ක් දක්වා ඉහළ යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්