දේශීය

රටට ද්‍රෝහීවන්නන්ට එරෙහිව කෙළින් ඉන්නවා – පා.ම. එස්.එම්. මරික්කාර්

රටට ද්‍රෝහී වන ක්‍රියාවලට එරෙහිව වෘත්තීය සමිති සමග කෙළින් හිටගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ බව පැවසීය.

“රටට ආදරේ රට බේරගන්න සිටින එකම කණ්ඩායම විදියට තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. බලයට එන විට කිව්වේ දේශීයත්වය සුරක්ෂිත කරමින්, දේශීය සම්පත් ආරක්ෂා කරමින්, දේශීයත්වයට මුල් තැන දෙමින් දේශීය ආර්ථිකයක් ගොඩ නගමින්, දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින්, ආනයන මත පදනම් නොවන ආර්ථිකයක් හදලා, දේශීයත්වයට ඉහළ වටිනාකමක් දෙනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දැන් රටේ ජනතාව කියන්නේ ගෙවුණු අවුරුදු එක හමාරක කාලය තුළ ආණ්ඩුවේ කයියයි ගැන ගඳයි පමණක් ඉතිරි වෙලා කියලා . “

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (01) පැවති මාධ්‍ය හමුවේදීය.

“මේ ආණ්ඩුවේ වැඩ ගමේ කෝපි කඩේ වගේ. වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම දේශියත්වය සුරක්ෂිත කිරීමක්, පෝෂණය කිරීමක්, නිෂ්පාදනය ඉහළ දැමීමක් නොවෙයි. වෘත්තීය සමිති කියන ආකාරයට මෙය අමු අමුවේ රට පාවලා දෙන රටේ ජාතික සම්පත් විකුණන ද්‍රෝහි ක්‍රියාවක්. මේ තුළ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉන්දියාවේ අදානි සමාගමට මෙය දෙන්නේ කොහොමද? එය ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමක් නම් අදානි සමාගම නම් කරපු ගිවිසුම රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා එය පෙන්විය යුතුයි. නැත්නම් අදානි සමාගම පමණක් නම් එය පැහැදිලි කළ යුතුයි. අපිට පෙනී යන්නේ මේ තුළ හොරා කෑමක් කොමිස් ගැහිල්ලක් තිබෙන බවයි.

දැන් අදානි සමාගමත් සමග ගිවිසුම සියයට 49ක් නම් කොහොමද කළමනාකාරීත්වය සම්පූර්ණ එම සමාගමට දෙන්නේ? සියයට 51ක් වරාය අධිකාරියට තියෙද්දි සම්පූර්ණ කළමනාකාරීත්වය කොහොමද අදානි සමාගමට දෙන්නේ? එසේ දුන්නම පසුව ඇති වන්නේ කුමක්ද? ඉන්දියාවේ අදානි සමාගම ලොකු වරායක් හැදුවම අපෙ රටේ ව්‍යාපාරය අනතුරකට ලක්වෙනවා. එහිදී එන යන නැව් මොනවාද තීන්දු ගැනීමේ වැඩි බලයක් තියෙන්නේ අදානි සමාගමට නිසා. මෙවැනි රටට ද්‍රෝහි වන, ජාති ද්‍රෝහි වන සම්පත් විකුණන කයිය විතරක් ගහන, ගඳ විතරක් ගහන ආණ්ඩුවක් බවට අද ආණ්ඩුව පත්වෙලා ඉවරයි.

දැන් බටහිර පර්යන්තය දෙන්න යන බවට කථා වෙනවා. එය ටෙන්ඩර් ක්‍රමයක් විය යුතුයි. වරාය අධිකාරිය යනු රටේ ආයතනවලින් විශාල ආදායමක් ලබන ජාතික සම්පතක්. එම නිසා මෙම ආයතන විකුණන එකට දැඩිව අපි විරුද්ධයි. පුදුම වීමට දේකුත් නැහැ. ගෝල්ෆේස් එක ළඟට ගිහින් හිටගත්තම ඉස්සරහත් විකුණලා පිටුපසත් විකුණලා දැන් තියෙන්නේ නැගෙනහිරයි බටහිරයි විතරයි. මෙවැනි ද්‍රෝහි වැඩ කරන්න එපා. වෘත්තීය සමිති සමග අපි කෙළින් හිටගන්නවා. එයට පැකිලෙන්නේවත් බිය වන්නේවත් නැහැ.

පසුගිය කාලයේ ශිෂ්‍යත්ව විභාගයයේ විශාල ලකුණු ගත්ත සිසුන් සිටියා. අද ගුරු සංගම් හා දෙමාපියන්ගේ වැඩි ඉල්ලීමක් තියෙනවා කොළඹ පාසල් සඳහා බඳවාගන්න ලකුණු අඩු කරන ලෙසට. එය සාධනීය ඉල්ලීමක්. මේ අපි හදන නීති නොවෙයි. 69 ලක්ෂයේ සිටින වෘත්තීය සමිති හා දෙමාපියන්. ඉල්ලීම් කරන්නේ කොළඹින් පිට අයයි. ඒ අයත් 69 ලක්ෂයේ අයයි. මෙයට අවස්ථාව දෙන්න ආණ්ඩුව හිතුමතේට වැඩ නොකළ යුතුයි.

කොරෝනා සමග ජීවත් වෙන්න කියලා ඇමතිවරු ජනතාවට කියනවා. අපි මුලදී කිව්වා මමිථ්‍යාව පස්සේ යන්න එපා කියලා. කැලණිය නයි පෙන්නලා, පැණි පෙන්නුවා. අපි ඒ ගැන කිව්වම අපිට කිව්වා දේශීය දේවල්වලට විපක්ෂය ගරහනවා කියලා. අපි ඇත්ත දේශප්‍රේමී අයයි. අපි කිව්වා පැණි ආවම සායනික පරීක්ෂණ කරන්න කියලා. එක එක අය කාලි මැණි කිව්ව කියල පැණි පෙව්වා. දැන් මටත් පුළුවන් හීනෙන් කිව්වා කියලා පැණියක් හදන්න. එහෙම හරියන්නේ නැහැ විද්‍යාත්මකව තහවුරු විය යුතුයි. දැන් මොකද වුණේ අන්තිමට ඇනගත්තා. දැන් එන්නත් ගෙන්නනවා. මාධ්‍යවල දැන් අලුත් නාට්‍යය එන්නත් කිරීමයි. සමහර මාධ්‍ය එන්නත් ගැන පෙන්නනවා. එදා පැණිය පෙන්නුවා අද එන්නත් පෙන්නනවා. පාසල් අරිනවා නම් සාර්ථක වැඩපිළිවෙළක් හදන්න. දෙමාපියන් අසරණ වෙලා ඔන්ලයින් ඉගෙනගන්න මුදල් නෑ. ඩේටා ගොඩක් කැපෙනවා. නිසි ක්‍රමවේදයකට වැඩපිළිවෙළක් හදන්න කියලා කියනවා. නැත්නම් අර ජලයෙන් කොවිඩ් බෝ වෙනවා කිව්ව වගේ වේවි.” යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය .

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

12 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

12 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago