සංචාරේ

මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද.

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක්.

ජනප්‍රවාදයේ එන විවිධ කතාවලට අනුව මෙම කන්ද ඓතිහාසික වටිනාකමකින් ද යුක්තයි

කන්ද තරණය කරන සංචාරකයින් එහි මුදුනේ රාත්‍රිය ගත කිරීමට දැඩි රුචිකත්වයක් දක්වයි.

ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියන නමුණුකුල කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්හි පිහිටා ඇත. උස අඩි 6677 (2011.7 m) ක් වූ මෙම කඳු පන්තියෙහි උස්ම ස්ථානය නමුණුකුල කන්ද ලෙසින් හදුන්වනු ලබයි.

නමුණුකුල කන්ද සතු වන මුදුන් තැනිතලාව කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසිනි. එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණුකුල ලෙසින් හැඳින්වා තිබෙනවා. පසුකාලීන භාෂා විකාශනයේදී විවිධ ජනවර්ගයන්ගේ උච්චාරණයන් නිසාවෙන් නැමුණුකුල යන නාමය නමුණුකුල බවට පරිවර්තනය වී ඇත.

ඉන්දික නම් දෙවි කෙනෙකු විසින් නමුණුකුල කඳුපන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බැව් ලාංකීය පුරාවෘත වල සඳහන් වනවා .මීමලේ ගම් වාසීන් කඳු පන්තිය පූජනීයත්වයෙන් සලකන බැව් පිවිසුම් මාර්ගයෙහි දෙපස නිර්මාණය කොට ඇති කෝවිල් සහ දේවාල දුටු විට වැටහෙනු ඇත.

නමුණුකුල තරණය කිරිම සඳහා බදුල්ල, ඇල්ල හරහා නමුණුකුල සහ බදුල්ල – පස්සර මාර්ගයෙහි 2 කණුව හෝ 10 කණුව හරහා නමුණුකුල ලෙසින් පිවිසුම් මාර්ග කිහිපයක් තිබේ .නමුත් ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත්ම වනගත මං පෙත වනුයේ බදුල්ල, ස්ප්‍රිංවැලි, මීමලේ හරහා නමුණුකුල තෙක් දිවෙන මාර්ගයයි.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

5 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

6 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago