සංචාරේ

මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද.

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක්.

ජනප්‍රවාදයේ එන විවිධ කතාවලට අනුව මෙම කන්ද ඓතිහාසික වටිනාකමකින් ද යුක්තයි

කන්ද තරණය කරන සංචාරකයින් එහි මුදුනේ රාත්‍රිය ගත කිරීමට දැඩි රුචිකත්වයක් දක්වයි.

ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියන නමුණුකුල කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්හි පිහිටා ඇත. උස අඩි 6677 (2011.7 m) ක් වූ මෙම කඳු පන්තියෙහි උස්ම ස්ථානය නමුණුකුල කන්ද ලෙසින් හදුන්වනු ලබයි.

නමුණුකුල කන්ද සතු වන මුදුන් තැනිතලාව කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසිනි. එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණුකුල ලෙසින් හැඳින්වා තිබෙනවා. පසුකාලීන භාෂා විකාශනයේදී විවිධ ජනවර්ගයන්ගේ උච්චාරණයන් නිසාවෙන් නැමුණුකුල යන නාමය නමුණුකුල බවට පරිවර්තනය වී ඇත.

ඉන්දික නම් දෙවි කෙනෙකු විසින් නමුණුකුල කඳුපන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බැව් ලාංකීය පුරාවෘත වල සඳහන් වනවා .මීමලේ ගම් වාසීන් කඳු පන්තිය පූජනීයත්වයෙන් සලකන බැව් පිවිසුම් මාර්ගයෙහි දෙපස නිර්මාණය කොට ඇති කෝවිල් සහ දේවාල දුටු විට වැටහෙනු ඇත.

නමුණුකුල තරණය කිරිම සඳහා බදුල්ල, ඇල්ල හරහා නමුණුකුල සහ බදුල්ල – පස්සර මාර්ගයෙහි 2 කණුව හෝ 10 කණුව හරහා නමුණුකුල ලෙසින් පිවිසුම් මාර්ග කිහිපයක් තිබේ .නමුත් ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත්ම වනගත මං පෙත වනුයේ බදුල්ල, ස්ප්‍රිංවැලි, මීමලේ හරහා නමුණුකුල තෙක් දිවෙන මාර්ගයයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago