අධිරණයට අපහාස කළ බවට වන චෝදනාවට වැරදිකරු බවට තීන්දු කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද (12) වසර 04ක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ නඩුවේදී අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව පැමිණිලි පාර්ශ්වයෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවත් එබැවින් අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වරදකරු වන බවටත් නඩුවේ තීන්දුවෙන් ප්‍රකාශයට කෙරිණි.
මන්ත්‍රීවරයා 2017 අගෝස්තු 21 දින අරලියගහ මන්දිරය අසලදී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් අදාළ නඩුව පැවරුණේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසිනි.
මන්ත්‍රීවරයා අද සවස පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත නිරෝධායන සඳහා යොමු කර තිබේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…