දේශීය

විපක්ෂයේ මන්ත්‍රී රන්ජන්ට වසර 4ක සිර දඬුවම්

අධිරණයට අපහාස කළ බවට වන චෝදනාවට වැරදිකරු බවට තීන්දු කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද (12) වසර 04ක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ නඩුවේදී අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව පැමිණිලි පාර්ශ්වයෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවත් එබැවින් අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වරදකරු වන බවටත් නඩුවේ තීන්දුවෙන් ප්‍රකාශයට කෙරිණි.
මන්ත්‍රීවරයා 2017 අගෝස්තු 21 දින අරලියගහ මන්දිරය අසලදී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් අදාළ නඩුව පැවරුණේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසිනි.
මන්ත්‍රීවරයා අද සවස පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත නිරෝධායන සඳහා යොමු කර තිබේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

9 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago