Saturday, April 25, 2026
Homeදේශීයවිපක්ෂයේ මන්ත්‍රී රන්ජන්ට වසර 4ක සිර දඬුවම්

විපක්ෂයේ මන්ත්‍රී රන්ජන්ට වසර 4ක සිර දඬුවම්

අධිරණයට අපහාස කළ බවට වන චෝදනාවට වැරදිකරු බවට තීන්දු කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද (12) වසර 04ක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ නඩුවේදී අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව පැමිණිලි පාර්ශ්වයෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවත් එබැවින් අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වරදකරු වන බවටත් නඩුවේ තීන්දුවෙන් ප්‍රකාශයට කෙරිණි.
මන්ත්‍රීවරයා 2017 අගෝස්තු 21 දින අරලියගහ මන්දිරය අසලදී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් අදාළ නඩුව පැවරුණේ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසිනි.
මන්ත්‍රීවරයා අද සවස පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත නිරෝධායන සඳහා යොමු කර තිබේ.

READ:   නිලධාරීන්ගේ කැපවීමක් නොතිබීම, වස විසෙන් තොර ආහාර වේල කල් යෑමට එක් හේතුවක්.. -ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්