දේශීය

සියලු වතු රෝහල් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා – සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි.

සියලු වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශනනයකට පිළිතුරු ලබා දෙමිනි.

තවදුරටත් පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය පැවසුවේ පවරා ගැනීමට අපේක්ෂිත වතු සෞඛ්‍ය ආයතන 76ක් රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.සියලුම වතු සෞඛ්‍ය ආයතන රජයට පවරා ගැනීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ මූලික පියවරක් ලෙස ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු රැස්කොට තිබේ. වතු ආශ්‍රිත සෞඛ්‍ය ආයතන වතු සමාගම් යටතේ පවතින බැවින් ඉඩම් අත්පත් කර ගැනීමේ යම් බාධාවක් පවතින බවද අමාත්‍යවරිය පැවසුවාය.

වතු රෝහල් සඳහා රජයේ වෛද්‍යවරු පත් කිරීමේදී ඇති වන දුෂකරතා මගහැරවීමට කටයුතු කරන බවත් දෙමළ භාෂාව කථා කළ හැකි ‍පවුල් සෞඛය සේවිකාවන් පත් කිරීමට කටයුතු කරන ලෙසට මන්ත්‍රීවරයා කල ඉල්ලීම සලකා බලන බවත් මෙහිදී අමාත්‍යවරිය පැවසුවාය.

වතු ආශ්‍රිත සෞඛ්‍ය ආයතන වලට ගිලන්රථ ලබාදීම සඳහා මේ වන විට රජය විසින් ණය නොවන ආධාර ලබා ගැනීම සඳහා විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් පවතින අතරම කොවිඩ් අරමුදලෙන් යම් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳව සලකා බලමින් පවතින බව ද පැවසුවාය.

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

2 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago