දේශීය

කොවිඩ් මර්දන දේශීය ඔසුවට සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය

කොවිඩ් වයිරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොදා ගැනීම වෙනුවෙන් ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන් යොදා ගනිමින් සායනික පරීක්ෂණ කිරීම සඳහා අදාළ ලේඛන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසයි.

මේ ඖෂධය ලබා ගන්නා රෝගීන් දින තුනක් තුළ සුව වන බවට මීට පෙර වතුපිටිවල රෝහලේදී ලබාගත් පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන අතර එයින් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පැවරීය.

ඒ අනුව සෞඛ්‍ය ඇමැතිවරිය විසින් ආචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙරට වෛද්‍ය විද්‍යාල අටක මහාචාර්යවරු 10 දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර මසකට වැඩි කාලයක් දේශීය ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කළ මේ විශේෂඥ කමිටුවට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුව විසින් අදාළ ඖෂධය යොදාගෙන කොවිඩ් රෝහලක සායනික පරීක්ෂණ කිරීම සඳහා ඊයේ (30) අනුමැතිය දුන්නේය.

මේ ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු එය ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කළ බවද දැනට එම කමිටුවේ අනුමැතිය ලැබී තිබෙන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව මේ ඖෂධය සම්බන්ධයෙන් ඉදිරියේදී සායනික පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා මූලික කටයුතු කරන බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් වන ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරන බවද ඒ අනුව ඔහු විසින් පරීක්ෂණය සඳහා අනුමැතිය දීමෙන් අනතුරුව අදාළ විද්වත් කමිටුව විසින් සායනික පරීක්ෂණ ආරම්භ කරන බවද පෙන්වා දුන්නාය.

dinamina

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

60 mins ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 hour ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago