දේශීය

ළදරුවන් 30ක් විකිණූ සැකකරු අත්අඩංගුවට Baby Farmer arrested

අතවරයන් සහ විවිධ හේතූන් මත ගැබිනියන් බවට පත් වූ කාන්තාවන්ගේ දරුවන් 30 දෙනකු නීතිවිරෝධී ගිවිසුම් මත තෙවන පාර්ශ්වයකට මුදලට විකිණූ ජාවාරම්කරුවකු මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පෙරේදා (21) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ජාවාරම්කරු මොරටුව නගරය කේන්ද්‍රගතව ස්ථාන දෙකකදී දීර්ඝ කාලයක් මෙම ජාවාරමේ නිරතව ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (22දා) පැවැසීය.

ජාවාරම්කරු අන්තර්ජාලය ඔස්සේ වෙළද ප්‍රචාරක වීඩියෝ පටයක් මගින් අසරණභාවයට පත් ගැබිණි කාන්තාවන් මොරටුව, කල්දේමුල්ල සී.පී.ද සිල්වා මාවතේ සහ දහම් මාවතේ පිහිටි නීතිවිරෝධී මධ්‍යස්ථාන වෙත ගෙන්වාගෙන නීතිවිරෝධී ගිවිසුමකට එකග කරගනිමින් මෙම ජාවාරම සිදුකර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්නකිරීම් මත මොරටුව ප්‍රදේශයේ අදාළ මධ්‍යස්ථාන දෙක අධිකරණ නියෝගයක් මත පරීක්ෂා කල බවත් ඒ වනවිටත් කාන්තාවන් 12ක් එම ස්ථානයේ රදවාගෙන සිටියදි සොයාගත් බවත් ඉන් මව්වරුන් 05කගේ දරුවන් මේ වනවිටත් වෙනත් පාර්ශවයක් වෙත භාරකාර ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවත් ඉදිරි විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවා

උපුටා ගැනීම දිනමිණ

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

6 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago