දේශීය

ළදරුවන් 30ක් විකිණූ සැකකරු අත්අඩංගුවට Baby Farmer arrested

අතවරයන් සහ විවිධ හේතූන් මත ගැබිනියන් බවට පත් වූ කාන්තාවන්ගේ දරුවන් 30 දෙනකු නීතිවිරෝධී ගිවිසුම් මත තෙවන පාර්ශ්වයකට මුදලට විකිණූ ජාවාරම්කරුවකු මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පෙරේදා (21) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ජාවාරම්කරු මොරටුව නගරය කේන්ද්‍රගතව ස්ථාන දෙකකදී දීර්ඝ කාලයක් මෙම ජාවාරමේ නිරතව ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (22දා) පැවැසීය.

ජාවාරම්කරු අන්තර්ජාලය ඔස්සේ වෙළද ප්‍රචාරක වීඩියෝ පටයක් මගින් අසරණභාවයට පත් ගැබිණි කාන්තාවන් මොරටුව, කල්දේමුල්ල සී.පී.ද සිල්වා මාවතේ සහ දහම් මාවතේ පිහිටි නීතිවිරෝධී මධ්‍යස්ථාන වෙත ගෙන්වාගෙන නීතිවිරෝධී ගිවිසුමකට එකග කරගනිමින් මෙම ජාවාරම සිදුකර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්නකිරීම් මත මොරටුව ප්‍රදේශයේ අදාළ මධ්‍යස්ථාන දෙක අධිකරණ නියෝගයක් මත පරීක්ෂා කල බවත් ඒ වනවිටත් කාන්තාවන් 12ක් එම ස්ථානයේ රදවාගෙන සිටියදි සොයාගත් බවත් ඉන් මව්වරුන් 05කගේ දරුවන් මේ වනවිටත් වෙනත් පාර්ශවයක් වෙත භාරකාර ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවත් ඉදිරි විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවා

උපුටා ගැනීම දිනමිණ

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago