Tuesday, April 21, 2026
Homeදේශීයමම බොබ් මාලේ මරා දැමුවා බිල් ඔක්ස්ලිගේ පාපොච්චාරණය (Man Claims He killed...

මම බොබ් මාලේ මරා දැමුවා බිල් ඔක්ස්ලිගේ පාපොච්චාරණය (Man Claims He killed Bob Marley)

‘අනිත් අයගෙන් වැඩක් නැහැ. බොල් මාලේ කියන්නේ බොබ් මාලේට’”මම ඔහුට 10 ප්‍රමාණයේ සපත්තු කුට්ටමක් රැගෙන ගියා. ඔහු එය පළඳීන විටම කෑගැසුවා. ඔහුගේ ජීවිතය එතැනින් නිමා වුණා. ඒ සපත්තු කුට්ටමේ තිබුණු ඇණයක පිළිකා වෛරස සහ බැක්ටීරියා ගල්වා තිබුණා.

කිංග්ස්ටන්හීදි ඔහුගේ නිවෙස වෙත පැමිණි තුවක්කුකරුවන් තිදෙනෙකු ගෙන් අයෙක් තැබූ වෙඩි පහර ඔහුගේ වම් අතට වැදුනු අතර පසුව බ්ලූ මවුන්ටන් වෙත ගෙන ගොස් ප්‍රතිකාර කරන අතරතුර බොබ් මාලේ ප්‍රසංගයකට පවා පුහුණු වී ඇත. මේ අතර තමා ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු ලෙසින් බොබ් මාලේ හමුවට ගිය බව ඔක්ස්ලි පවසනවා.කලා ලොව දෙවනත් කරමින් පසුගිය සතියේ ජැමෙයිකාවෙන් මතු වී ආවේ ආන්දෝලනාත්මක පුවතක්. ජැමෙයිකාව පුරා පැතිර ගිය මේ පුවත සමඟින් සංචාරයට මොන්ටේගෝ බේ වෙත පැමිණි අමෙරිකානුවන් එම පළාතේ ටැක්සි රියදුරන්ගෙන් පවා තව තවත් තොරතුරු විමසා සිටියා. මොන්ටේගෝ බේ හිදී එම සංචාරකයන් හිරු රැස් සුවය විඳීමින් ප්‍රණීත බීම වර්ග පානය කරමින් මේ පුවත පිළිබඳ කතා බහේ යෙදුණා. මේ ආන්දෝලනාත්මක පුවත ප්‍රථමයෙන් වාර්තා කළේ, YourNewsWire වෙබ් අඩවිය යි. එම පුවතට ලොව පුරා පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. එම පුවත මෙසේයි.79 හැවිරිදි බිල් ඔක්ස්ලි CIA රහස් ඔත්තු අංශයේ නිලධාරියෙක් වන අතර පසුගිය සතියේදී මයින්හි මර්සි රෝහලට ඇතුළත් කළ පසුව වෛද්‍යවරුන් පවසා සිටියේ, තවත් සති කිහිපයකට වඩා ඔහු ජිවත් කරවිය නොහැකි වනු ඇති බවයි. බිල් ඔක්ස්ලි සිය මරණ මංචකයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම පාපෝච්චාරණය කර ඇති අතර ඉන් එකක කියවුණේ ලොව පුරා මිලියන ගණනක් රසික රසිකාවන් වසඟ කළ රෙගී කලාව ලොවට හඳුන්වා දුන් බොබ් මාලේ ගැනයි.

“මම බොබ් මාලේ මරා දැමුවා”බිල් ඔක්ස්ලි පවසා සිටියා.

1974 සිට 1985 දක්වා කාලය තුල අමෙරිකානු රජය වෙනුවෙන් තමන් විසින් පුද්ගලයන් 17 දෙනෙකු මරා දැමූ බව බිල් පාපෝච්චාරණය කර තිබේ. CIA රහස් ඔත්තු අංශයේ ඉහළම පෙළේ නිලධාරියෙකු ලෙසින් ඔක්ස්ලි වසර 29ක් සේවය කර ඇත. සිය සේවා කාලය තුලදී CIA වෙත තර්ජනයක් විය හැකි පුද්ගලයන් ඝාතනය කිරීමට දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙස ඔක්ස්ලි යොදා ගෙන ඇති අතර ඔහු වෙනත් අවි පිළිබඳවද මනා පුහුණුව ලද්දෙකි. එපමණක් නොව ඔහු සම්ප්‍රදායික නොවන ක්‍රම ඔස්සේ මනුෂ්‍ය ඝාතන කිරීමටද විශේෂ පුහුණුව ලද අයෙකි. වස දීම,බෝම්බ පුපුරවා හැරීම, හෘදයාබාධ ඇති කරවීම, පිළිකා ඇති කරවීම මේ අතර වේ. 1974 සිට 1985 අතර කාලයේදී CIA තමන්හට අවශ්‍ය නීති ඔවුන් විසින්ම නිර්මාණය කරගත් බවත් ඔක්ස්ලි පවසනවා. එම කාලයේදී ඔක්ස්ලි වැනිම තවත් CIA සමාජිකයන් තිදෙනෙකු විසින් දේශපාලනික ඝාතන සිදු කර ඇති බවත් ඔවුන් අතින් ඝාතනය වූවන් අතරට දේශපාලනික ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයන් ද ඇතුලත් බව ඔක්ස්ලිගේ පාපෝච්චාරණයේ වේ.

READ:   රෝහිතගේ දුවට ඇප

ඔක්ස්ලිගේ පාපෝච්චාරණයට අනුව අමෙරිකාවේ වුවමනාවන්ට තර්ජනයක් විය හැකි අදහස් සහිත විද්‍යාඥයන්, වෛද්‍ය පර්යේෂකයන් කලාකරුවන් වැනි ජනප්‍රිය චරිත කිහිපයක් ඝාතනය වී තිබෙනවා. බොබ් මාලේ තමන්ට විශේෂිත චරිතයක් වූ බවත් ඔහුගේ මරණය තමන්හට තදින්ම දැනුණු බවත් ඔක්ස්ලි පවසා සිටියා.”අනිත් අයගෙන් වැඩක් නැහැ. බොල් මාලේ කියන්නේ බොබ් මාලේට”බොබ් මාලේගේ සංගීත ශෛලියට බෙහෙවින් ප්‍රිය කළ ඔක්ස්ලි පවසනවා.

කිංග්ස්ටන්හීදි ඔහුගේ නිවෙස වෙත පැමිණි තුවක්කුකරුවන් තිදෙනෙකු ගෙන් අයෙක් තැබූ වෙඩි පහර ඔහුගේ වම් අතට වැදුනු අතර පසුව බ්ලූ මවුන්ටන් වෙත ගෙන ගොස් ප්‍රතිකාර කරන අතරතුර බොබ් මාලේ ප්‍රසංගයකට පවා පුහුණු වී ඇත. මේ අතර තමා ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු ලෙසින් බොබ් මාලේ හමුවට ගිය බව ඔක්ස්ලි පවසනවා.”මම ඔහුට 10 ප්‍රමාණයේ සපත්තු කුට්ටමක් රැගෙන ගියා. ඔහු එය පළඳීන විටම කෑගැසුවා. ඔහුගේ ජීවිතය එතැනින් නිමා වුණා. ඒ සපත්තු කුට්ටමේ තිබුණු ඇණයක පිළිකා වෛරස සහ බැක්ටීරියා ගල්වා තිබුණා. ඒවා සම සිදුරු කරගෙන ගියා නම් ඔහුට පවසන්නට වන්නේ සුබ රාත්‍රියක් වේවා යන්න පමණයි” ඔක්ස්ලි පවසනවා.

මෙම සිදුවීමෙන් පසුව ද ඔක්ස්ලි බොබ් මාලේ ළඟින් ඇසුරු කරන්න අවස්ථාව සලසා ගෙන තිබුණා. “අවසන් වරට ඔහු දකින විට ඔහුගේ බර බෙහෙවින් අඩු වී තිබුණා. එන්න එන්නම ඔහු පුංචි වෙලා. පිළිකාව ඉතා හොඳීන් වැඩ කරලා තිබුණා” ඔක්ස්ලි පවසනවා. බොබ් මාලේගේ මරණය තමන් කම්පනයට පත් කළ බව ඔහු පවසන්නේ මෙලෙසින්. “මගේ වෘත්තීය ජීවිතයේ ගත කළ වේදනාකාරීම දිනය මියාමිහිදී බොබ් මාලේ මිය ගිය දිනයයි. එය මට අපහසුම කාලයක් වුණා. අවසානයේදී මම තේරුම් ගත්තේ, මා විසින් අමෙරිකාව වෙනුවෙන් එය කළ බවයි.”වැනල් 4 ඇතුළුව තවත් වෙබ් අඩවි කිහිපයක් මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පවසමින් ප්‍රතික්ෂේප කර සිටිනවා. ඔවුන් පවසන්නේ බිල් ඔක්ස්ලි නම් පුද්ගලයෙක් CIA නිලධාරියකු ලෙසින් සේවය කළ බවට තොරතුරු නොමැති බවයි. කෙසේ වෙතත් බොබ් මාලේගේ මරණය සිදු වී මේ වන විට වසර 36ක් ගත වී ඇති අතරඔහුගේ මරණ පරීක්ෂණයේ සඳහන් වන්නේ පාදයේ ඇති වූ තුවාලයක් පිළිකාවක් දක්වා වර්ධනය වී එය අක්මාව, පෙණහැල්ල, උදරය සහ මොළය දක්වා ව්‍යාප්තව ගොස් මරණයට පත් වූ බවයි. 1981 වසරේ මැයි 11 වැනිදා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 36ක් විය.

READ:   පාකිස්තානයෙන් ලකුණු 343ක ඉලක්කයක්

බොබ් මාලේ 1945 වසරේ පෙබරවාරි 6 වැනිදා ජැමෙයිකාවේ නයින් මයිල්හිදී උපත ලැබුයේ රොබට් නෙස්ටා මාලේ නමින්. ඔහු සිය සංගීත දිවිය The Wailers නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවමින් ආරම්භ කළ අතර ඔහුගේ සුවිශේෂි සංගීත ශෛලිය ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් යොමු කර ගන්නට සමත් විය. හැත්තෑව දශකය පමණ වනවිට එම රෙගී සංගීතය ලොව පුරා රැව් පිළිරැව් දෙන්නට විය. රස්තෆාරියානු දහම අදහන්නෙකු වූ බොබ් මාලේ යනු ගායකයකුම පමණක් නොව තම වර්ගයා වන කළු ජාතිකයන් වෙනුවෙන් හඬ නැගූ මානව හිතවාදියකු ලෙසින්ද සැලකේ. ඔහුගේ ඇතැම් ගීත ද ඒ වෙනුවෙන් නිර්මාණය විය. Survival ගීත ඇල්බමය එයට එක් උදාහරණයකි.

යතේජා ඥානරත්න

According to Oxley, he used fake press creditionals to get close to Marley and gave him a gift of a pair of shoes — which Marley then tried on.

“I gave him a pair of Converse All Stars. Size 10. When he tried on the right shoe, he screamed out ‘OUUUCH.‘ That was it. His life was over right there and then. The nail in the shoe was tainted with cancer viruses and bacteria. If it pierced his skin, which it did, it was goodnight nurse,” Oxley said.

Oxley claims he k*lled 17 people for the CIA between 1974 and 1985. Each, including Marley, was deemed to pose a “threat to the interest of the United States.”

The CIA has denied involvement in Marley’s death.

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්