මේ එන්නත් ප්‍රවාහනය ගුවන් මඟින් සිදුවෙන්නේ. විශේශ බහාලුමක වියළි අයිස් වර්ගයක් සමඟ තමා මාත්‍රා 975-5000 ත් අතර ප්‍රමාණයක් ගබඩා කරල ගුවනින් යවනව කියන්නෙ. මේ thermal shippers අංශක -70°c තියාගන්න උවමනායි.
ඊලඟට අදාල රටට හෝ ප්‍රදේශයට මේ එන්නත් තොගය ආවම අධි ශීතකරණ තුල ගබඩා කරන්න වෙනව. -70°C වල මාස හයක් දක්වා මේක ගබඩා කරන්න පුලුවන් කියල තමා සඳහන් වෙන්නේ. මේ සඳහාම නිපදවා තියන ultra low temperature freezer තුල මාත්‍රා ලක්ශ 2ක් වගේ ගබඩා කරන්නට හැකී කියල කියනවා.
භාවිතයට ගන්නකොට ශීතකරණ වලින් එලියට අරන් 2-8°C උශ්ණත්වයක් යටතේ දවස් 10ක් තියාගන්න පුලුවන්. දවස් පහක් ගියාම අර thermal shippers වල වියළි අයිස් නැවත පුරවන්න වෙනව.

නැත්නම් එන්නත් විනාශ කරන්න තමා වෙන්නේ.
එන්නත ලබාදෙන්න යද්දි විනාඩියක් ගතවෙන්න පෙරාතුව අර බහාලුම ඇරලා එන්නත් ගන්න ඕනෙ කියල කියවෙනව. එක එන්නත් සාන්ද්‍රගත බහාලුමකින් තනුක කරගෙන මාත්‍රා පහක් හදාගන්න පුලුවන්. එහෙම හදාගත්ත එන්නත් පැය පහක් ඇතුලත රෝගීන්ට ලබාදිය යුතු බවත් සඳහන් වෙනව. දැනට තියෙන තත්වය මේක. කැනඩාවට මේ සතිය අග වනවිට එන්නත් තොගයක් එන බව ප්‍රකාශ කරල තියනව. Pfizer සමාගම එක්ව එන්නත සොයාගැනීමටත් පෙර ගිවිසුම්ගත වූ කැනඩා රජය එන්නත් මාත්‍රා මිලියන 76ක් ඇණවුම් කර තිබෙනව.

ඒ අනුව බටහිර ප්‍රධාන රාජ්‍යයන් දෙක වන ඇමරිකාව හා කැනඩාව එන්නත් ඉක්මනින් ලබාගනු ඇති අතර ඒ රජයන් අතිරික්තයක් තිබුණහොත් අනෙකුත් දුප්පත් රටවලට ඒ එන්නත් ලබා දීමට කටයුතු කරනු ලබයි යනුවෙන් සමාජ ක්‍රියාකාරීන් බලාපොරොත්තු වෙනව. ඉතිං ලංකාව නම් දැනට එන්නත් ලබාගැනීම සඳහා විශේශ සූදානමක් ඇති බවක් පේන්න නෑ. ඒත් ඉතින් ඒ වෙනකන් අති විශේශ සාර්ථක ඵල දෙන පැණියෙන් සැනසෙන්නට ලාංකීකවාසීන්ට සිදුවෙනවා. සී එන් එන් ඇසුරින්.




